April 1, 2010

අලුත් මාසයක්..


ඔන්න ඉතින් අලුත් මාසෙකුත් පටන් ගත්ත.ඒ මදිවට අද පළවෙනිද බොරැවගෙ දවසලු. කට්ටියට හොද හොද ලනු හම්බවෙන්න ඇති නේද? මටත් කට්ටිය ලනු දෙන්න ආව වෙලාවට යාලුවක් උදේම “අඩෝ මචන්.. හැපි බර්ත් ඩේ” කියල මැසේජ් එකක් එවල තිබ්බා.
ඒක දැක්ක ගමන් නම් බැලුව මොකක්ද මේ කියන්නෙ කියල පස්සෙ මට වැඩේ මීටර් වුනා. එහෙම නොවෙන්න අද මට මාර පරිප්පුවක් තමයි කන්නෙ. (ඊට පස්සෙ වෙච්ච ඒව ඉතින් මෙතන කටක් ඇරල කියන්නෙ කොහොමද..හික්)
කොහොමින් කොහොමින් හරි ඒකත් ඉවරයි කියමුකො.එත් හෙට අනිද්ද දිහාට අපේ රිසාල්ට් එනවලු. අපොයි! විනාසයි!! මේ පාර අවුරැදු කාලත් ඉවරයි!

මොනව කරන්නද ඉතීන්...එක අතකට ඒක එන එකත් හොදයි. ඊට පස්සෙවත් දෙයියනේ කියල සැනසිල්ලෙ ඉන්න පුලුවන්නෙ. ඒත් ඉතින් මොනව උනත් මන් පාස් නම් වෙයි. ඒත් අන්තිම කාලෙම නොවැ හොදටම පිස්සු නැටුවෙ. විභාගෙ උපරිමයෙන්ම කරන්න බැරි වෙච්ච එකට නම් හිතට ටිකක් දුකයි. ඒත් ඉතින් O/L කියන්නෙ ජීවිතේ නෙමේනෙ. ඒත් මේ කාලෙ ජීවිතේට ලැබුනු අත්දැකීම් නම් හරිම සුන්දරයි. කොටින්ම ආනන්ද මාතාව ජීවිතයට ලබා දුන්නු පන්නරය. ඒත් එක්ක බලද්දි නම් මට S නමයක් තිබ්බත් හොදටම ඇති.

ඒව මේව මොනව උනත් ජීවිතේ හරි සුන්දරයි!

12 comments:

  1. සුපුන්April 1, 2010 at 11:34 AM

    ඈ මොනවා ප්‍රතිපල එනවා ඉවරයි හැංගෙන්න තැන් දැන්ම හොයා ගන්න ඕනෙ

    ReplyDelete
  2. @සුපුන්
    ඔව්!ඔව්!හැංගෙන්න තමයි බං වෙන්නේ!

    ReplyDelete
  3. මලේ... ඔයාලට වාසියි අවුරුදු කාලෙට ආවම ඕව අහනවට වඩා කට්ටියට අහන්න ඒව තියනවනේ..... ඔන්න ඔහේ ආපුවාවේ..... :)
    word verification අයින් කරමු මල්ලියෝ.

    ReplyDelete
  4. mama nang ithinihalinma "FAIL" . Kochchara card ekak da kiyala balanna. ONLY MY SELF. Katawath puluwanda oya hapan kama karanna !!! Neda? :)
    Aaaa kiyanna bari una Aththatama ada mage BIRTHDAY eka (vihiluwata nemei)(THIS IS SERIOUS)
    ko mata wish karanne nedda?????

    ReplyDelete
  5. අවුරුද්දෙන් පස්සේ results ආවොත් හොඳයි. එතකොට එච්චර කට්ටිය සෙට් වෙන්නේ නෑ නේ. ඒත් අවුරුද්දට කලින් results අවොත් අවුරුද්දට ගෙදරට එන නෑදෑ හත්මුතු පරම්පරාවටම ඕක කියන්න ඕනේ නේ. අපේ පාර නම් මට මතක විදිහට වෙසක් පෝයටත් හොඳට දන්සල් කන්න දීලා තමා results ආවේ.

    මම මෙහෙම කිව්වාට මල්ලි ඔයා එලට exam කලානම් ඔයාට කවද results ආවත් ප්‍රශ්නයක් නෑ නේ. ඔයාම දන්නවා නේ ඔයා exam ගොඩ කියලා. කොහොම වෙතත් හොඳ result එකක් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  6. @හා පැටික්කි
    අක්කෙ...Results එන්න කලිනුත් අහන එකේ ආවට පස්සෙ කොහොම අහයිද?හ්‍රියට එයාල ලියල වගේ!එතකොට තමයි ඔන්න මට තද වෙන්නෙ...

    @samudrika
    ඔයා දක්සි නොවැ!ඔන්න හැපිම හැපි උපන් දිනයක් වෙන්න ඕන ඔයාට...ඒක නෙමෙ මෙයා සාමාන්යෙන් ඔයා වැඩි පුර බොරැ කියනවද?මෝඩ නෑ නේද?

    @Hasitha
    ගොඩාක් ඉස්තූතියි!අයියෙ ඔයාට...

    ReplyDelete
  7. ජීවිතේ සුන්දරයි නම් එච්චරයි. :)
    හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  8. @Raven
    ගොඩක්ම ස්තූතියි....

    ReplyDelete
  9. බය වෙන්න එපා දරුවො
    හොඳට පැස් වෙලා ඈති . පිස්සු ද අවුරුද්දට කළින් ප්‍රතිඵල එන්නෙ නැහැ. මෙහෙම තියල හරියන්නෙ නැහැ.දැන් ඉතින් ලියන්න පටාාාාාාාන් ගත්තොත් හොඳයි නේද මලේ.verification අයින් කරෝත් මොකද මලේ.

    ReplyDelete
  10. @wath
    අක්ක හරි අක්කෙ!ඔන්න මම Word Verification අයින් කලා...තෑන්ක් යූ වීවා කමෙන්ටුවට!

    ReplyDelete
  11. මල්ලී Word Verification අයින් කලා නම් මල්ලිත් හරි මල්ලි :) :) :)

    ReplyDelete