April 4, 2010

ටිමී.. මගෙ මල්ලිය




පොඩි කාලෙ ඉදල කට්ටියත් එක්ක සෙට් වෙලා ඉන්න තියෙනවනම් ඉතින් කොච්චර ජොලිද? ඒත් ඉතින් මට නම් දුකට සැපට අරකට මේකට හැම එකටම ඉන්නෙ මන් විතරයි. මොකද මන් තමයි ගෙදර දුවගෙයි පුතාගෙයි හැම චරිතෙකටෙම පණ පොවන්න ඉන්න එකම නලුව. සිටම සමගින් ජීවිතයේ දුක සතුට බෙදා ගන්නට ලැබීම මා නම් සලකන්නේ වාසනාවක් ලෙසයි.නමුදු ඒ වාසනාව බුක්ති වීදීමට නම් සහෝදර සහෝදරියන් ලැබීමට තරම් අප වාසනාවන්ත විය යුතුය.මට නම් කුඩා කාලයේ සිටම ඒ වාසනාව අහිමිව තිබුනේ මා අප පවුලේ සිටි එකම පිරිමි දරැවා වීම හේතුවෙනි.නමුදු දැන් නම් මා හට දුක හා සතුට බේදා ගැනීමට සහෝදරයකු සිටී.නමුදු ඔහු මා මෙන් මිනිසකු නම් නොවේ.සහෝදරයකු ලෙස මා සමගම කල්ගෙවනා ඔහු සුනඛයෙකි.

8 comments:

  1. ආ ඔය දාල තියෙන්නේ බලු මලයා ගැන හොඳා හොඳා......
    මටනම් සහෝදරයෙක් හිටියත් බලු මල්ලියා ඊට වටිනවා.. වෙලාවක් ලැබුන්නෑ තාම ඒ ගැන ලියන්න....

    ReplyDelete
  2. ඈත්ත මල්ලි. සමහර මිනිස්සු ගැන හිතුවම හිතෙනව මේ සත්.ු කොයිතරම් ගුණ යහපත් ද කියල.අපේ ගෙදර ඉන්න ආදරීට නම් (බල්ලාගේ ගෑණු සතා ඉන්නෙ) මේ පාර අවුරුදු තෑගිත් ලැබුනා... මගේ හිතේ කාටවත් කියන්න බැරිව ලතවෙන දේවල් සියල්ල ඇ දන්නව. ඈයි ඉතින් ඇ විතරයි මම කියන දේවල් වලට හරස් ප්‍රශ්ණ දාන්නෙ නැතිව ඔළුව හ​රෝ හරෝ අහන් ඉන්නෙ. අනික කාටවත් කියන්නෙත් නැහැ නෙව...

    ReplyDelete
  3. @හා පැටික්කි (MS),
    mama kiyanawa ammaTa

    ReplyDelete
  4. බල්ලා තරම් කල්‍යාණ මිත්‍රයෙක් කොහෙද?. මම කිව්වේ, ගොඩක් මිනිස්සු අතරින් හොඳම යහළුවෙක් හොයා ගන්නවට වඩා බල්ලෙක් ඇති කරන එක ලේසි.
    " හචිකෝ " ගෙ කථාව අහලා ඇතිනේ.
    බල්ලොන්ට තමන්ගේ අයිතිකාරයාගේ පොඩි වෙනසක් වුනත් ගොඩක් දැනෙනවා. ඒකෙන් tension එකක් ඇතිවෙන්න පුළුවන්.ඒක නිසා, ඒ සතාට ගොඩක් ආදරේ කරන්න.

    ReplyDelete
  5. @හා පැටික්කි(MS)
    වෙලාවක් ලැබුනම බලු මල්ලියා ගැන ලියන්න.කියවන්න ආසාවෙන් ඉන්නෙ...

    @Wath
    ඔව් අක්කෙ,මිනිස්සුන්ට කියන්න බැරි ඕනම දෙයක් බලු යාලුවට කියල හිත නිදහස් කර ගන්න පුලුවන්...වැඩිම උනොත් 'බුහ්!බුහ්!' කියයි ඕන්

    @බිඟුවා
    හි හි...එයා පව් නැද්ද?

    @හෙළයා
    ඔව් ඔව්,මං බලුස්ට පණ වගේ ආදරෙයි...අනික මට පණ වගේ ආදරේ කරන්න වෙන කෙනෙකුත් නෑනෙ ඉතීන්

    ReplyDelete
  6. ටිමි සිංහල බ්ලොග් කියවනයේ................

    ReplyDelete
  7. වයස කීයක් විතර ඇද්‍ද මේ සොයුරාට දැන්?

    අපේ ගෙදරත් ඉන්නවා පේදර කියල එක්කෙනෙක්.
    දැන්නම් ටිකක් අසනීප තත්වයෙන් ඉන්නෙ.

    ReplyDelete
  8. @රාජිත අනුරාධ
    කොහොමද වැඩේ?

    @Raven
    මගෙ සොයුරට නම් දැන් අවුරුදු තුනයි.ඔයාගෙ සුනඛ මිතුරටත් ඉක්මනටම සුව වෙන්න කියල පාර්ථනා කරනව

    ReplyDelete