April 10, 2010

ඒකත් ඉවරයි!දැන් තමයි ගේම තියෙන්නෙ



මං මේ පෝස්ට් එක දාන්න හිටියේ ඊයෙ. ඒත් ඉතින් මොනව කරන්නද අද තමයි මට වෙලාවක් හම්බුනේ...අම්මෝ ඊයෙ අපේ O/L ප්‍රතිපල ආවනෙ! මාත් ඉතින් ඔන්න ඔහෙ පාස් වෙලා නම් තියනව. ඒකත් මහ කැත විදිහට. මට තියන්නෙ A2,B6,C1කුයි. ඒ මදිවට එක එක්කෙනා ප්‍රතිපල අහනවා. මට ඉතින් මල! ඇයි දෙයියනේ කට ඇරල කියන්නෙ කොහොමද A2යි කියල. එතකොට ඉතින් කියනවා ආනන්දෙට ගිහින් මෙච්චරද කියල?එතකොට ඉතින් විලි ලැජ්ජයිනෙ...ඒත් ඉතින් අපි පිස්සු නැටුවට ඉස්කෝලෙ පලිද?

බැලුවහම මේ ප්‍රතිපලෙත් අවුලක් නෑ.කොහොමහරි හැම එකටම සම්මාන තියනවනෙ. A/L නම් තිතට කරනවා!පිස්සු නටන් නැතුව හැමදාම ඉස්කෝලෙයි පන්තියි යනවා.එක අතකට O/Lවගේ නෙමෙනෙ A/L අමාරු උනත් කැමතිම සබ්ජෙට් තියන නිසා ආසාවෙන් කරනවා.ටයිම් ටේබල් එකක් හදල ඒකෙ විදියට වැඩ ටික කරන්න තමයි මන් හිතන්නන් ඉන්නෙ.මූනු පොතේ නම් පැත්ත පලාතෙවත් යන් නෑ(ඔය කිවුවට ලාවට වගේ දවසකට පාරක් දෙපාරක් විතර යැවෙයි).සින්ඩිය පැත්තෙනම් නිතරම රවුන් ගහන්න තමයි බලාපොරොතුව...මොකද ඉතින් I.C.T. ඉගෙන ගන්න මීට වැඩියෙ හොද තැනක් වෙන කොහෙද තියෙන්නෙ!

19 comments:

  1. සා.පෙ. ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විභාගයක් උ.පෙ. ඒක තරඟ විභාගයක් නිසා හුඟක් අමාරුයි. ඒ නිසා සා.පෙ. ප්‍රතිළුල ගැන හිත හිතා ඉන්නෙ නැතිව උ.පෙ. වැඩ පටන් ගන්න.
    එදිනෙදා වැඩ කරලා සැහැල්ලුවෙන් විභාගෙ කරගන්න (වල බහින්නෙ එහෙම නැතිව).
    p=(L+I^t)/(1+U) කියන සමීකරණෙ දන්නවද?

    ReplyDelete
  2. A/L නම් තිතට කරනවා!පිස්සු නටන් නැතුව හැමදාම ඉස්කෝලෙයි පන්තියි යනවා.ටයිම් ටේබල් එකක් හදල ඒකෙ විදියට වැඩ ටික කරන්න තමයි මන් හිතන්නන් ඉන්නෙ.මූනු පොතේ නම් පැත්ත පලාතෙවත් යන් නෑ..... LOL

    ReplyDelete
  3. @nadeesthoughts
    p=(L+I^t)/(1+U)අදමයි ඇහුවෙ!හ්ම්ම්...වැඩ පටන් ගන්න ඕන.අවවාදයට බොහොම ස්තූතියි!

    @Anonymous
    අවුලක් නෑ.ඔයා ඉන්න....නම කිවුවනම් මොකද?

    ReplyDelete
  4. මගෙ සාමාන්‍ය පෙල A තුනයි, B දෙකයි, C පහයි..
    උසස් පෙළ A තුනයි ගණිතය ඉගෙන ගත්තෙ..

    විභාග වලට ඉගෙන ගන්න එපා. ඔයා උසස් පෙල ගණිතයනම් කරන්නෙ. ඔයා හොදට ජ්‍යාමිතිය කරන්න දැන්.. ඔයා වානිජ්‍ නම් කරන්නෙ ඔයා එ සම්භන්දව තියන පොත් පත් කියවන්න. මතක තියාගන්න. ඔයා අනිත් අය යන පාරෙ එ අයත් එක්ක ගියොත් ඔයාට අනිත් අයට වැඩියෙන් හයියෙන් දුවන්න වෙවි.. හැබැයි ඔයාගෙම හදාගත්තු පාරක ගියොත් ඔයාව වැටුනත් හිතෙ පසුතැවිල්ලක් නොතියෙයි. ඔක්කොම මතක තියාගන්න ගියොත් , ඔක්කොම ඉගෙන ගන්න ගියොත් මහන්සිය වැඩියි කල්පනා කරන්න ඉගෙන ගන්න
    මෙතනට ගිහිල්ලා බලන්න

    විභාගෙ පාස් වෙන්න උත්සහා කරනවාට වැඩිය ලෙසියි, තමුන්ට යන්න ඔනා තැන ඉන්න මිනිසුන් දෙස බලාගෙන එ අය ගැන, එ අය කල්පනා කරන්නෙ, එ අය හිතන, පතන විදියට ඔයාව වෙනස් කරගන්න .. මොනවද කරන්න හිතෙ තියන් ඉන්නෙ..?

    ReplyDelete
  5. අවුලක් නෑ. උසස් පෙළ මහා බරක් කරගන්නෙ නැතිව තමන් කැමති දේ ආසාවෙන් සහ උනන්දුවෙන් කරගන්න. විභාගයට වඩා ලබාගන්නා දැනුම ගැන හිතන්න.

    ReplyDelete
  6. AL එළටම බැහලා කරපන්...OL මොනවද...මහසියේ තරමට තමා ප්‍රථිඵලය :)

    ReplyDelete
  7. මල්ලියෝ O\L හොඳට කරන අයට වඩා බලාපොරොත්තූන විදියට ගොඩ දාගන්න බැරි අය තමා A\L හොඳටම පළවෙනි පාරින්ම ගොඩ දාගන්නේ.....

    ඔයා කරන්නේ මොන එක උනත් ඒ ගැන ආසාවක් ඇති කරගෙන කරන්න මහවදයක් කියල හිතන් කරන්නෙපා.....වැඩ කල් දාන්න එපා තව අවුරුද්දු 2කටත් වඩා තියෙනවනේ කියලා.... target එකක් ඇතුව වැඩ කරන්න........

    අනෙක කොල්ලෝ මතක තියාගන්න කවුරුහරි පන්ති වලදි වලගහන්න කතා කරනවනම් අන්තිමට එයා තමයි හොඳටම විභාගේ කරගෙන තියෙන්නේ ඒව ගැනත් කල්පනාවෙන්.... පාප මිත්‍රයෝ මතුවෙන්නේ මේ කාලෙට මෙරු මතු වෙන්න වගේ.....
    අනෙක කෙල්ලෝ ඒවා ගැන දැම්ම හිතන්න ගියොත් කෙල්ල හොඳනම් ගොඩ නැත්නම් ඔක්කොම කනපිට...

    හැමදෙයක් ගැනම කල්පනාවෙන් හොඳට A\L කරගන්න මගේ මල්ලියෝ.... සුභ පැතුම්....

    ReplyDelete
  8. @රවා
    අයියෙ මම කරන්න හදන්නෙ I.C.T. ඒකට තියෙන්නෙ Maths,Physics සහ I.c.t.කියන Subject තුන.

    @Raven,panhida
    ඔව්!කරගන්න පුලුවන් කියල ලොකු විශ්වාසයක් තියනවා

    @ඔව් අක්කි !නටන්න තියන හැම පිස්සුවක්ම ගිය අවුරුද්දෙ නැටුව නිසා...රෑ වැටුන වලේ දවල් වැටෙන එකක් නෑ...මන් හිතන්නෙ!

    -හැමෝගෙම කමෙන්ට් වලටයි මිල කරන්න බැරි වටිනා ඔවදන් වලටයි ගොඩාක් ස්තූතියි ඔයාල හැමෝටම-

    ReplyDelete
  9. දිමුතුApril 10, 2010 at 11:58 AM

    මටත් නම් ටිකක් ඔය වගේ ඒවා තමයි තියන්නෙ A3 B4 C2 හැමෝම A10 ගන්න ඕනෙ නෑ නෙ නේද?අනික මේ පාර ප්‍රතිපල කොහොමත් ටිකක් අඩුයි

    ReplyDelete
  10. සුබ පතනව මල්ලියා. මම කිව දේ වැරදුනා නේද ? මම කිවෙ රිසල්ට් එන්නෙ අවුරුද්දෙන් පස්සෙ කියල... හරි හරි කොහොම හරි OL ගොඩ. දැන් ඉතින් ජීවිතේ ලස්සනම කාලෙ කියල හිතාගෙන AL කරමු. කවුරුවත් කියනදේ අහනවට වඩා හොඳයි තමුන්ට හිතෙන දේ කරන එක. ජය වේවා.

    ReplyDelete
  11. එල කොල්ලො,, මගෙනුත් උණුසුම් සුබ පැතුම්,
    ඔහොම තමයි මෙදවස් වල පාරෙ යනකොට වෙනදට කතා නොකරන අයත් කතා කරලා Results අහනවා ඔය ගොඩක් අය අහන්නෙ අපිට ඇති සුබ පතන්න නෙමෙයි අවුල් නම් හිනා වෙන්න මටත් ඔහොම අතිතයක් තිබුනා හැබැයි මම අද ඉන්න තත්වය බැලුවහම මට හරි සතුටුයි ඒ අය එදා හිනා වුන නිසා තමයි අද මම සතුටෙන් ඉන්නෙ.

    එක හිතින් ICT කරපන් මල්ලි, හොඳ combination එකක් උඔට ජය!.........

    ReplyDelete
  12. @දිමුතු
    ඔව් මචන්!ඔය හොදටම ඇති.අපිට මෙහෙම හරි තියෙනවා...අපිත් එක්ක හිටපු සමහර අය පේල් වෙලත් ඉන්නෙ

    @wath
    ඔව් අක්කි!දැන් තමයි වැඩ තියෙන්නෙ...

    @මම
    අයිය කිව්ව වගේ මම මෙතනින් තමයි ජීවිතේ පටන් ගන්නෙ...

    ReplyDelete
  13. විභාගය සමත්වීම ගැන මගේ සුභ පැතුම්. අද අදම වැඩ පටන් ගන්න. O/L වලට වඩා A/L වල තරඟයක් තියෙනවානේ.

    A/L පාස් වෙන හැමෝම කැම්පස් යන්නෙත් නැහැනේ. ඒක නිසා තමුන් හදාරන අංශයෙන් කැම්පස් යන්න හිතාගෙනම ලෑස්ති වෙන්න. ලංකාවේ තියෙන නිදහස් අධ්‍යාපනය යටතේ ප්‍රථම උපාධිය දක්වා නොමිලේ උගන්වන නිසා ඒ භාග්‍ය හිමිකරගන්න.

    ඔබට ජය

    ReplyDelete
  14. කොලුවෝ උඹට සුභ පැතුම්. උඹ ලියපු ටික දැක්ක ගමන් මම උඹෙ හෙට දවස දැක්ක. ඒක අති සාර්ථකයි. සැකයක් නෑ. එකම දෙයයි කියන්න තියෙන්නෙ, අද කරන්න ඹ්න අද කලයුතු ටික විතරයි. හෙට දේවල් කරන්නත් එපා ඊයෙ දෙවල් කරන්න ඉඩ තියාගන්නත් එපා. ඒ වගේම ආපහු හැරිල බලද්දි කවදාවත්ම තමන් කරපු දෙයක් ගැන දුක් වෙන්න ඉඩ තියාගන්න එපා.
    වාසනාවන්ත හෙට දිනක්

    ReplyDelete
  15. මචන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන වැඩිය හිතන්න එපා! ඒක තේරුමක් නැහැ. උසස් පෙළ කියන්නෙ අමුතුම කලාවක්! මුල ඉඳල වැඩ ටික හොඳට පිළිවෙලට කරගත්තොත් ගොඩ. මං වගේ නං වල බහින්න එපා! :D

    ජය වේවා!

    ReplyDelete
  16. මලයෝ, ගොඩක් අය කියන්න තියෙන දේවල් කියලා තියෙන්නේ> මුලින්ම O/L ප්‍රථිපලය ගැන සුබ පතනවා..

    A/L කියන්නේ කිව්වත් වගේ අමුතුම ගේමක්. ඒක ටිකක් දවස් යනකොට ඔයාට තේරෙයි. ඔය FB වැඩේ නම් නතරම කරනවා නම් හොඳයි...
    subjects තෝරගන්නකොට ඔයාගෙ district එකේ chances වැඩි මොන stream එකද, ඔයා මොලේ නැමෙන්නේ මොන පැත්තටද කියන එක ගැන හිතන්න.

    සුබ පතනවා A/L වලටත්..

    ReplyDelete
  17. ඇත්තටම ඔයගොල්ලො හැමෝටම ගොඩාක්ම ඉස්තූතියි....මට මේ කියල දුන්න දේවල් වලටයි දුන්න උපදෙස් වලටයි.....ඔයාල හැමෝටමත් ජයෙන් ජය!

    ReplyDelete
  18. මල්ලෝ, ඉස්ඉස්සෙල්ලම සුබ පතනවා ඔයාගෙ ජයග්‍රහණයට !

    ඇත්ත තමයි මල්ලියා. A/L කියන්නෙ මොලෙන් ගහන්න ඕනේ ගේමක්. ලස්සනට වැඩ කරගෙන ආපු අයත් අනාගන්න හරියක්. ඒ හින්දා චුට්ටක් විතර බැහැලා කරන්න ඕනෙ. ඒත් වදයක් කරගන්න එපා. මොකද අවුරුදු දෙක හමාරක් විතර අදින්න තියෙනවනෙ...

    මොනවා වුනත් මල්ලියා, හැමදාම උදේට ආනන්ද විහාරෙට වැදලා වැඩ පටන් ගන්න ආනන්දෙ කොල්ලන්ට වරදින්නෙ නැහැ. මල්ලියට ජය !

    ReplyDelete
  19. @මින්දද
    ඔයාට බොහොම ඉස්තූතියි අයියෙ....

    ReplyDelete