May 11, 2010

මගෙ පිස්සුව



ඔන්න එක දවසක්
ක්ලාස් යනකොට මං
හම්බුනා මට කෙල්ලෙක්
පිස්සු හැදෙනව බන්

ඇරබිය මා මල් කැඩිල්ල
ආව ඇගේ පියා ලගට
නැවැත්තුවා මල් කැඩිල්ල
මාරු උනා මං

ඒත් අනේ හැම තිස්සෙම
මතක් වෙනව මට එයාව
හිතා ගන්න බැරි තරමට
පිස්සු හැදිල දැන්

හැමතැනකම හොයනව ඇය
තාම නෑනෙ හම්බුනෙ මට
කවදා හරි හම්බවෙයිනෙ
කියල ඉදිමි මං



මේක මේ මට නිකන් හිතිච්ච එකක් :P.....මේක කවියක් ද නිසදැසැක් ද වෙන මොකක් හරි ද කියල කියන්නත් දන් නෑ. හිතිච්ච විදියට ලියල දැම්ම ඕන් :D

16 comments:

  1. හොඳයි මේක බං

    ReplyDelete
  2. හොඳ නිර්මාණයක්... මෙයා අලුත් වෙලානේ මම දැන් දැක්කේ, නියමයි!

    ReplyDelete
  3. නරක නෑ මචෝ.. එල!

    ReplyDelete
  4. හ්ම්.. නරක නැහැ. හොඳ නිර්මාණයක්..!
    කවි මඩුවටත් ඉදිරිපත් වෙනවද?

    ReplyDelete
  5. ඔය වගේ ඒව හිතට එන්නේ කොයි වෙලාවටද මලේ.......?????
    මහ ලොකු ලොක්ක මට කිව්වේ....
    අහුවෙද්දෙන්කො මට කවදහරි මං කඩවන්න මල්........ ;P

    විහිළුවට නෙමෙයි .........

    ReplyDelete
  6. @Hakuna Matata
    බොහොම ස්තූතියි මචන්

    @හසී
    එහෙම තමයි...අපි හැමවෙලාවෙම අලුත් වෙන්න ට්‍රයි එක....:D කමෙන්ට් එකට ස්තූතියි අක්කි

    @ළමයා
    එල එල....තෑන්ක්ස් මචෝ

    @Ansh Lucky Sri Jay
    අයියෝ මට කවි ලියන්න බෑනෙ :( කමෙන්ට් එකට තෑන්ක්ස් අක්කි:)

    @හා පැටික්කි
    අම්මෝ බය හිතෙනවා..:D:D ඇත්තටම අක්කෙ මේක මට ආව අදහසක්. නැතුව මන් ගෑනු ලමයෙක් දිහා ඇහැක්වත් ඇරල බලන් නෑනෙ ඕන්..:P:P

    ඔයලගෙ අදහස් මට ගොඩක් වටිනවා.....ඔයාලට බොහොම ස්තූතියි

    ReplyDelete
  7. ඔයා ගැහැණූ ළමයි දිහා බලන්නේ ඇස් වහගෙනද? ම් ම් බයානකයි බයානකයි...
    ම් ම් ම් ලියල තියෙනව හොඳයි නෙව. ලියමු ලියමු තව ලියමු. school පටන් ගන්න කලින් ලියමු..............

    ReplyDelete
  8. ශැහ්ක්..! මරු නෙවැ එළ එළ...ඇස් දෙක අතින් වහලා ඇගිලි අස්සෙන් හොරාට බලහන්...එතකොට අහුවෙන්නෑ නෙවැ :P

    ReplyDelete
  9. @Wath
    හික්ස්.....ඉස්කෝලෙ පටන් ගන්න කලින් තව ඒව ටිකක් ලියන්න ඕනෙ..:D

    @Bunny !
    මරු අයිඩියා එකක් නෙ...හැබැයි මචන් ඕක කරන්න ගිහින් මගෙ කම්බුලේ සෙරෙප්පු අඩියක් තියෙයිද දන්නෑ..:P

    ReplyDelete
  10. මල්ලියා පටන් ගැන්ම හොඳයි.. ස්කෝලේ වැඩ පාඩු කරගන්නෙ නැතිව මේ වගේ හිතට එන සිතුවිලි වචන වලට හරවන්න. ලියන්න ලියන්න කරන නිර්මාන වඩ වඩාත් සාර්ථක වෙනවා. කවි දිවියට මගේ සුබ පැතුම්...

    අලුත් ගෙදරත් ලස්සනයි. හැබැයි පරිස්සමෙන්, කෝච්චියක් එහෙම එනකොට අයින් වෙලා ඉන්න හොඳේ...:)

    ReplyDelete
  11. මලයත් හොඳට කවි ලියනවා නොවෑ !!! :D

    ReplyDelete
  12. @මින්දද
    බොහොම ස්තූතියි අයියෙ.....හිතට එන කවි සිතුවිලි ලියල දාන්නම්කො

    @හිඟන්නා
    අයියටත් බොහොම ස්තූතියි

    ReplyDelete
  13. Free Style...
    හිතෙන විදියට ලියපං බං...
    ඒක හරිම සොභාවිකයි එතකොට.ඒකේ අමුතු ගතියක් තියෙනවා.
    (අපේ පරපුරේ මරියකඩේ කොල්ලෙක් කියල දැකලයි ආවේ).

    -ජය

    ReplyDelete
  14. @යෝගී
    හි හී...බොහොම ස්තූතියි

    ReplyDelete
  15. මචන් මල්ලි ..
    උඹ ඇයි මේ emo girl කෙනෙක් පින්තූරෙට දාලා ??
    ලංකාවෙ කෙනෙක්ගෙ දාපන් බං...
    උඹ සිංහල නේද ??

    ReplyDelete
  16. @Bhagya රාජපක්ෂ
    අයියෝ බන්,මන් මුලින්ම හිතාගත්තෙ ලංකාවෙ ගෑනු ලමයෙක්ගෙ පිතූරයක් දාන්න තමයි. ඒත් මේක දැක්කම දාන්න හිතුනා....හිත ගිය තැන මාලිගාවනෙ :D

    ReplyDelete