May 19, 2010

මම වැස්සේ රස වින්දා

සීතල සිසිලැල් කැන්දා
සිත කුල්මත් කරවන්නා
කුරුලු පැටව් කැදලි කරා
හැකි වේගෙන් පියඹන්නා

මාගේ ගත සිත පිබිදී
වැසි එන බව දැනගත්තා
වැස්සේ රස විදිනු පිණිස
නිවසින් එලියට පැන්නා

හෙමින් වැටුනු වැහි බිදුවල
ඇති වේගය වැඩි වෙන්නා
මොර සූරන තද වැස්සක්
මා වටේට ඇති වෙන්නා

වෙනද තිබුනු මුලු මිදුලම
අද ජලයෙන් තෙත් වීලා
පහත් තැනින් මද වේගෙන්
ජල ධාරා ඇදි යන්නා

මම ලොකු ලමයෙකු යන වග
මගේ සිතට නොදැනෙන්නා
වගේ මාත් මේ වැස්සේ
සෙල්ලම් කෙරුමට ගත්තා

මොර සූරන තද වැස්සක
මායි සිතයි තනි වෙන්නා
කාටත් නොහැගෙන විලසකි
මම වැස්සේ රස වින්දා

මේක මේ පුන්චි කොලු ගැටයෙක් කවියක් ලියන්න දරපු පොඩි උත්සාහයක් garupale ඒක සාරථක බව හරි අසාර්ථක බව තීරනය කරන්න ඕනෙ කියවන ඔයාල තමයි.හැබැයි ඔන්න ඉතින් මගෙ මේ කවි පන්තිය අපේ අයියල අක්කල කවි මඩුවෙ කිව්ව ඒව තරම් ලස්සනනම් නෑ.garupale

15 comments:

  1. අපෝ මටනම් වැස්ස එපාම වෙලා මෙහෙට මාස3 ගොරව ගොරව වහිනවා

    ReplyDelete
  2. හි හි...කතාව නම් ඉතින් ඇත්ත..:D

    ReplyDelete
  3. ලස්සන පද ටික...පරිස්සමෙන්.හෙම්බිසිස්සාව හැදෙයි :)

    ReplyDelete
  4. @දිල්
    දැනටමත් හෙම්බිරිස්සාව හැදිලනෙ :( අදහස් දැක්වීමට බොහොම ස්තූතියි

    ReplyDelete
  5. මොර සූරන තද වැස්සේ මාත් රසය බෝ වින්දා...

    ReplyDelete
  6. කමෙන්ට් කලාට බොහොම ස්තූතියි

    ReplyDelete
  7. කවි ටික ලස්සනයි මල්ලි..

    ReplyDelete
  8. තෙමෙන්නෙ බලා ගෙන ලෙඩ හැදෙයි කිව්ව උනාට තියෙන ජොලිය දන්නේ තෙමෙන්න ආස අපිනේ නැද්ද මලේ........

    (රහසින් මල්ලියේ කාටවත් කියන්නෙපා මාත් මේ දවස් දෙක තුනේ වැස්සට පැන්න..... තාම නම් යහතින්......)

    ReplyDelete
  9. @හසී,Ansh Lucky Sri Jay
    බොහොම ස්තූතියි අක්කල

    @හා පැටික්කි (MS)
    ඒකනෙ අක්කෙ...වැස්සෙ තියෙන ජොලිය බලන්න තෙමෙන්නම ඕනෙ...ඒත් ඔන්න ඔයානම් මේ දවස් වල වැඩියෙ තෙමෙන්න එපා.......විභාගෙ ලගයිනෙ :D

    ReplyDelete
  10. වැස්සෙ තෙමෙන එකෙත් පුදුම ගතියක් තමා තියෙන්නෙ... හෙම්බිරිස්සාව හැදුනත් මොකෝ.. සමහන් තියෙනවනේ..

    ReplyDelete
  11. @මින්දද
    ඒකනෙ අයියෙ.....ඕවත් ප්‍රශ්නද නේද.....:D

    ReplyDelete
  12. එල එල මල්ලි වැස්ස දැක්කාම නියම ඒවා තමා මතක් වෙන්නේ. එල එල.

    මෙන්න තවත් නිසදැසක්

    http://aagiyakatha.blogspot.com/2010/05/2.html

    ReplyDelete
  13. @Hasitha
    නියමයි නියමයි අයියෙ

    ReplyDelete