May 25, 2010

මාත් දැන් ෆුල් නිදහස අත්විදිනව



මේ දවස් වල නම් මට අල ගෝනි පිටින් හම්බු වෙලා තිබ්බෙ. ඒ මදිවට මගෙ සවුන්ඩ් කාඩ් එක වැඩ නැතිව මාව අනාතත් උනා. කොහොමින් කොහොමින් හරි දන්න ගැට සේරම දාල වැඩේ ගොඩ දාගත්ත කියමුකො… මට පොඩි අයිඩියා පාරක් ආව ෆුල් ෆොස් වෙන්න. (ලැජ්ජාවෙ බෑ මන් මෙච්චර කල් ෆොස් ගැන කියෙව්වට ඩුවල් බූට් විදියට තමයි උබුන්ටු දාල පාවිච්චි කලේ). මුලින් උබුන්ටු දැන් කුබුන්ටු. හැබැයි ගොඩක් වැඩ කලේ මේකෙන්. වින්ඩෝස් දාල තිබ්බෙ මොකක් හරි කරද්දි මගදි කෙල වුනොත් මන් අනාතයිනෙ. (මේ පොඩි එකා අනාත උනොත් පව්නෙ) ඒකයි...වින්ඩෝස් සම්පූර්ණයෙන්ම අතඇරලා බයනැතුව ලිනක්ස් වලට ආවෙ උදව් කරන්න අයියල ඉන්න හින්ද. (මෙයාල කාවවත් මන් දැකල නම් නැ.. ඒත් ඊලග සින්හල බ්ලොහ් කරුවන්ගෙ හමුවෙදි ඇත්තටම බලා ගන්න පුලුවන් වෙයිනෙ )

කොහොම හරි ඒ වැඩෙත් අවුලක් නැතිව ගොඩ දා ගත්ත. දැන් මන් පාවිච්චි කරන්නෙ කුබුන්ටු 10.04 (ලුසිඩ් ලිනක්ස්) විතරයි. මේ පාර උබුන්ටුත් සිරා වුනාට මට නම් හිත ගියෙ කුබුන්ටු වලට (හිත ගිය තැන මාලිගාව කියනවනෙ).. ඩුවල් බූට් කරන්න කුබුන්ටු දාපු මුල්ම දවස් වල නම් ආසාවට බලන්න දැම්මෙ ඒත් දැන් නම් මන් මේකට ෆුල් ලව්. (ඕ.එස්. එකට හොදේ) Gnome GUI එකත් එක්ක බලද්දි මටනම් KDE කිසි අවලකුත් නෑ. මට දැන් වින්ඩෝස් සෙවන් අල්ටිමේට් ලයිසන් එකක් නිකන් දුන්නත් මන් නෙමෙයි ඇහැක් ඇරලවත් බලන්නෙ (මෙහෙම කිව්වට දුන්නොත් නම් ඉතින් ඇස් දෙකම ඇරල ඉල්ල ගන්නව)

හැබැයි කොලු කමට ක්‍රැක් කරපු හොර බඩු (බඩු කිව්වෙ සොෆ්ට්වෙයා හරිද) නම් පාවිච්චි කරන් නැ.... ඒ හින්ද දැන් අපි ෆුල් නිදහසේ කල් ගෙවනව (ෆුල් නිදහසේ කිව්වෙ කෙල්ලෙක් එහෙම හිටිය නම් නිදහස බල්ලට යන හින්ද). දැන් කාටවත් නයත් නැ කාටවත් බයත් නැ. ෆුල් ජොලියෙ ඉන්නෙ…………මුලින්ම කියන්න ගියෙ කුබුන්ටු ගැන අන්තිමට කිව්වෙ නිදහස බල්ලට යන කෙල්ලො ගැනනේ……ආයිත් යන් මාතෘකාවට

ඔන්න මන් කුබුන්ටු වල පොටෝස් ටිකක් දානව. ඔයාලත් බලන්නකො කුබුන්ටු කොච්චර පට්ටද කියලා……මැක්සා නේද?












තවත් කුබුන්ටු වල ෆොටෝස් බලන්න ඕන නම් මෙතන කොටන්න

29 comments:

  1. මන් බය නැතුව වින්ඩෝස් අතඇරල ලිනක්ස් වලට ආවෙ අපේ අයියල මොකක් හරි කෙල උනොත් හෙල්ප් කරනව කිව්ව හින්ද....ඔයාලට ගොඩක් ඉස්තූතියි....ඔයාල කාවවත්ම මන් දැකල නම් නැ. ඒත් ඊලග සින්හල බ්ලොහ් කරුවන්ගෙ හමුවෙදි ඇත්තටම බලා ගන්න පුලුවන් වෙයි කියල හිතනවා

    ReplyDelete
  2. මරු අදමයි ඇහුවේ කුබුන්ටු ගැන, මමත් ආසාවෙන් ඉන්නේ ඊලග සිංහල බ්ලොග්කරුවන්ගේ හමුවේදී හැමෝවම අඳුරගන්න..

    ReplyDelete
  3. හරි අක්ක දැන් Kubuntu ගැන දන්නවනේ...

    ඒකනෙ අක්කෙ මාත් හැමෝවම අදුර ගන්න මාර ආසාවෙන් ඉන්නෙ

    ReplyDelete
  4. එළ එළ අවුලක් නෑනෙ. lucid ගොඩක් හොඳයි අවුල් නැති තරම් අනික ස්පීඩ් එක එහෙම ගින්දර. මම නම් Ubuntu තමයි.KDE මගෙ celeron එකට ටිකක් බර වැඩියි.

    ReplyDelete
  5. @සුසිත රවින්ද සෙනරත් | Susitha Ravinda Sඑනරත්
    මේක නියමෙට වැඩ අයියෙ.. ස්පීඩ් එකත් හොදයි

    කමෙන්ට් එකට බොහොම ස්තූතියි (මගෙ FOSS පිස්සුව වැඩි උනේ ඔයාලගෙ බ්ලොග් කියවල...ඒ වගේ ඒව තව ලියන්න)

    ReplyDelete
  6. නිදහස් ලෝකයට සාදරයෙන් පිළිගන්නවා මල්ලියා.
    GNome වල‍ට වඩා KDE හැඩයි නේද?
    ඒත් ඩෙස්ක්ටොප් එන්වයරන්මන්ට් එක මොක උනත් එකම මදේනේ.
    නිදහස් මෙහෙයුම් පද්ධතියක ප්‍රභලතාවය අත්විඳින්න කාටවත් බාධාවක් නෑ.එහෙනං ජය වේවා කිව්වා!

    ReplyDelete
  7. නිදහස් වීම ගැන සන්තෝසයි!

    ReplyDelete
  8. @තීර්ථ යාත්‍රිකයා
    බොහොම ස්තූතියි අයියෙ

    @nadeesthoughts
    අක්කටත් බොහොම ස්තූතියි

    ReplyDelete
  9. නිදහස් වීම ගැන අපගේ බලවත් සංතෝශය...!!! :-D එළ එළ මල්ලො ඔනෙ දෙයක් අහන්න... :-) මම නම් fedora පුද්ගලිකව KDE වලට කැමති නෑ :-) Gnome තමා භාවිතය :-) එළ එළ...සංතෝසයි..!

    ReplyDelete
  10. @Bunny !
    හෙල්ප් දෙන එකට ගොඩක් තැස්ක්ස් අයියෙ.මම නම් fedora පාවිච්චි කරල නැ...තව ටික දවසකින් ඒකත් බලන්න ඕනෙ

    ReplyDelete
  11. කොලුවො මට මේ පෝස්ට් එකේ ස්ථාන 2ක් තේරුනේ නැහැ නෙව

    01) "ඒත් ඊලග සින්හල බ්ලොහ් කරුවන්ගෙ හමුවෙදි ඇත්තටම බලා ගන්න පුලුවන් වෙයිනෙ"
    02) "නිදහස බල්ලට යන කෙල්ලො"

    පැහැදිලි කිරීම් අනවශ්‍යයි .........

    ReplyDelete
  12. @Wath
    මේක පැනල දීමක්ද දන්නැ...මේකනෙ අක්කෙ,මන් ඔය අයියලව අදුරගන්න කැමතියි කියල කිව්වෙ දෙවනි එකටනම් ඉතින් පැහැදිලි කිරීම් කොහොමත් අනවශ්‍යයිනෙ...නේද අක්කෙ? :D:D

    ReplyDelete
  13. මල්ලියට ජය වෙවා !

    ReplyDelete
  14. බොහොම ස්තූතියි අයියෙ

    ReplyDelete
  15. niyamayi.mageth ubuntu side by side daala tiyenne. photos dakkama ubuntu 10.4 walata maaru wenna kaale sondaa kiyala hituna.

    ReplyDelete
  16. ඔව් අයියෙ මාරු වෙන්න...මාරම ලස්සනයි

    ReplyDelete
  17. කරන දෙයක් පරිස්සමෙන් කරපන් මලයා. අලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනඟී කියලා කුමාරතුංග මුනිදාස පඬිතුමා කිව්වාලුනේ :)[කතාව කිව්වා හරිද මන්දා]

    ReplyDelete
  18. ශා නියමයි ... නෙ මල්ලී...උබුන්ටු නම් අහලා තියෙනවා කුබුන්ටු ගෑන නම් මෙ අහුවෙ පලවෙනි වතාවට.

    ReplyDelete
  19. mama nam me kubantu arwa mewwa gana meloo deyak danne naha banz . .

    ReplyDelete
  20. @Hasitha
    ආසාවට දාල බැලුවෙ අයියෙ..අලුත් අලුත් දෑ අත්හදා බලන්නැත් එපෑ

    @NUWAN"s lane , දුකා
    මාත් උබුන්ටු ගැන දැනන් හිටියත් කුබුන්ටු ගැන ලගදි දැන ගත්තෙ


    කමෙන්ට් කලාට හැමෝටම ස්තූතියි

    ReplyDelete
  21. මාත් කුබුන්ටු පාවිච්චි කරනවා ඒක මරු. පුලුවන් නම් එඩුබුන්ටුත් දාල බලන්න ඒකත් හොඳයි ඉගෙන ගන්න අයට!

    ReplyDelete
  22. @සසිත්
    හරි සහෝ ඒකත් ට්‍රයි කරල බලන්නම්...කමෙන්ට් එකට ස්තූතියි

    ReplyDelete
  23. මේකේ මෙමරි CPU එහෙම කොහොමද? මම මේ KDE දාගන්නවද නැද්ද කිය කියා හිත හිතා ඉන්නේ. :)

    ReplyDelete
  24. @Akila87
    මගෙ රැම් එක 1GB හින්ද මට නම් අවුලක් නෑ....හොදට වැඩ

    ReplyDelete
  25. matanam ithin Windows 7 thamai..

    ReplyDelete
  26. http://isohunt.com/torrents/?ihq=linux+kernel

    ReplyDelete
  27. @Vishwaje
    සල්ලි තියෙනවනම් ඉතින් වින්ඩෝස් නරකමත් නෑ

    ReplyDelete
  28. හිහි 0.75GB RAM usage and 20% ~ CPU usage when using chrome,konsole,hp-toolbox,amarok and desktop effects!

    ReplyDelete
  29. @tuxbotix
    ලිනක්ස් රොක්ස්නෙ සහෝ

    ReplyDelete