May 17, 2010

වින්ඩෝස් සදහා FOSS


මගෙ කලින් පෝස්ට් එක කියෙව්වෙ නැත්තන් මෙතනින් අපි නොදන්න FOSS කියවල ඉන්න.මොකද ඒකෙ ඉතිරි කොටස විදිහට තමයි මේ පෝස්ට් එක දාන්නෙ.
අද මම කියන්න යන්නෙ දැනට වැඩිපුරම භාවිත වන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා භාවිත කල හැකි නිදහස් හා විවෘත මෘදුකාංග කීපයක් ගැනයි.මෙහිදී ඉදිරිපත් කරල තියෙන්නෙ සාමාන්‍ය භාවිතයට අවශ්‍යකරන අවශ්‍යකරන මෘදුකාංග කීපයක් පමණයි. නමුත් ඕනෑම අවශ්‍යතාවයකට ගැලපෙන පරිදි FOSS මෘදුකාංග ලබාගන්න පුලුවන්

මෙහෙයුම් පද්ධතියකට පස්සෙ අපිට වැඩියෙන්ම ඕන වෙන මෘදුකාංගයක් තමයි ඔෆීස් පැකේජය.ගොඩක් දෙනා භාවිත කරන මයික්‍රෝසොෆ්ට් ඔෆීස් පැකේජය (MS Office 2007 පැකේජය රු.29000 ක් පමණ) වෙනුවට භාවිත කල හැකි ඉතා සාර්ථක මෙන්ම හොදම විකල්පය වන්නේ ඕපන් ඔෆීස් (Open Office.org) පැකේජයයි.මයික්‍රෝසොෆ්ට් ඔෆීස් මගින් කළ හැකි සෑම දෙයක්ම මෙතුලින්ද ඉතා පහසුවෙන් නිර්මාණය කර ගත හැකියි.එමෙන්ම ලාංකිකයන් සදහාම මෙම මෘදුකාංගයේ සිංහල අතුරු මුහුණත දැනටමත් නිර්මාණය කර අවසන්ව ඇති අතර උපකාරක පිටු සිංහලට පරිවර්ථනය කිරීමේ කටයුතු දැන් සිදුවේ.මේ සදහා ඔබටද දායක විය හැක.

එසේම ඡායාරූප සන්ස්කරණ කටයුතු සදහා සුලබව භාවිතා කරනු ලබන ඇඩොබි පොටෝෂොප්පැකේජය රු.79000 පමණ වේ. ඒ වෙනුවට Gimphoto සහ Gimpshop භාවිතයට ගත හැකිය.

වෙක්ටර් ග්‍රැපික්ස් වර්ගයේ නිර්මාණ සදහා බහුලව යොදා ගන්නා ෆී හෑන්ඩ්,ඉලස්ට්‍රේටර්,කොරල් ඩ්‍රෝ වැනි මිල අදික මෘදුකාංග වෙනුවට Inkscape පහසුවෙන්ම යොදා ගත හැක.

ඇඩෝබි පේජ්මේකර්,ඉන්ඩිසයින් සහ ක්වාක් එක්ස්ප්‍රස් වැනි මෘදුකාංග වලින් කරන්නාක් මෙන් පිටු සැකසීමේ කටයුතු කිරීමට ස්ක්‍රයිබස් (Scribus) අනගි නිදහස් හා විවෘත මෘදුකාංගයකි.

තිමාණ සජීවීකරණය කල හැකි ත්‍රීඩී මැක්ස් මායා වැනි මෘදුකාංග තරම් නොවුනත් Blender මෘදුකාංගය මගින් සාර්ථකව ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණය කල හැක.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ඇති පරිගණයකට වැඩිපුරම ඇති වන බලපෑම වන්නේ වයිරස් වලින් සිදුවන හානියයි.මේ සදහාද ඕපන්සෝස් ඇන්ටිවයිරස් මෘදුකාංග ඇත.ක්ලැම්වින් (Clamwin) ඊට හොදම උදාහරණයයි.මෙහි විශේෂම ලක්ශණ ලෙස පරිගණකයෙන් විශාල ඉඩ ප්‍රමාණයක් නොගැනීම හා පෙන් ඩ්‍රයිව් එකක උවත් දමා භාවිත කිරීමේ හැකියාව ගත හැක.

සී.ඩී හෝ ඩී.වී.ඩී බර්න් කිරීමට යොදා ගන්නා වාණිජ මෘදුකාංග වෙනුවට ඒ සමානව මෙහෙයක් ඉටුකරන ආකර්ශනීය ඕපන් සෝස් බර්නින් මෘදුකාංගයක් ලෙස ඉන්ෆ්‍රාරෙකෝඩර් (Infra Recoder) මෘදකාංගය හැදින්විය හැක.නොමිලේ ලබාගත හැකි මෙයින් වාණිජ මෘදුකාංගයකින් ලබා ගත හැකි සියලුම සේවා ලබා ගැනීමේ හැකියාබක් තිබේ.

අනර්ඝ ඕපන්සෝස් මීඩියා ප්ලේයරක් ලෙස වී.ල්.සී. මීඩියා ප්ලේයරයට (V.L.C. Media Player) හිමි වන්නේ සුවිශේසී ස්ථානයකි. මෙමගින් ෆෝමැට් විශාල සංඛ්‍යාවක ඕඩියෝ සහ වීඩියෝ ෆයිල් ප්ලේ කිරීමේ හැකියාවක් තිබේ.

එසේම තව බොහෝ නිදහස් හා විව්‍යත මෘදුකාංග වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා ඇත.ඒවා සොයා ගැනීම සදහා alternativeto යන වෙබ් අඩවිය භාවිතා කල හැකිය.මෙහිදී වාණිජ මෘදුකාංගයේ නම ලබා දී සර්ච් කල විට ඒ වෙනුවට භාවිතා කල හැකි ඕපන්සෝස් මෘදුකාංග රාශියක් ඔබට ඉදිරි පත් කරයි.එතුලින් ඔබ කැමති ඕනෑම මෘදුකාංගයක් ඩවුන්ලෝඩ් කර ගැනීම තුලින් එය රිසි සේ භාවිතා කිරීමේ හැකියාව ලැබේ.

තවදුරටත් වාණිජ මෘදුකාංගවල ව්‍යාජ පිටපත් භාවිතය හා ජෙනුයින් වාණිජ මෘදුකාංග සදහා විශාල මුදල් වියදම් කිරීමෙන් වැලකී මෘදුකාංග වල නියම නිදහස අත් විදින්න....නිදහස කියන්නෙ ඉතින් කොහොමත් හොද එකක්නෙ :D

7 comments:

  1. තොරතුරු ටික නම් ගොඩක් වටිනවා !! දිගටම ලියන්න , ජය !!

    ReplyDelete
  2. විඑල්සී මීඩියා ප්ලේයර් ගැන විතරයි දන්නේ අනේ.....

    ReplyDelete
  3. @හිඟන්නා
    බොහොම ස්තූතියි

    @wath
    ඉතින් අක්කෙ දැන් දන්නවනෙ

    ReplyDelete
  4. මමත් දාගත්තා එත් නෙට් යන්න බැහැනේ.....ඩොන්ගල් එක වැඩකර්න්නෙ නැහැනේ........

    ReplyDelete
  5. @ඉලංදාරියා
    මේකෙ තියෙන විදියට කරල බලන්න...ගොඩක් ඩොන්ගල් ඔය විදියට වැඩ කරයි
    http://blog.sanjaya.me/2010/05/05/how-to-install-huawei-e-1550-modem-in-ubuntu-10-04/

    ReplyDelete
  6. එලකිරි මචං....බොහොම වටිනා තොරතුරු ටිකක්... ස්තුතී.... :)

    ReplyDelete
  7. @Udara ඇල්විස්
    බොහොම ස්තූතියි

    ReplyDelete