June 17, 2010

ඕන් හසිත කොල්ලත් දැන් A/L කොල්ලෙක්

අප්පේ....O/Lඉවර වෙලා පණ ගැහි ගැහි හිටියා රිසාල්ට් එනකන් garupale අන්තිමට නූලෙන් ඒකත් ගොඩ ගියා කියමුකො අන්තිමට ඉතින් ඔන්න අද තමයි හා හා පුරා කියල අපිව ඒ.ලෙවල් කරන්න පන්ති වලට දැම්මෙ. (අද තමයි ඉස්කෝලෙ පටන් ගත්තෙ)

අද උදේ වෙලාවට නැගිට්ටෙත් නැ(ඇයි දෙයියනේ කොහොම කියල නගිටින්නද මාස 6ක් ම ෆුල් ආතල් එකේ පස්ස පැත්තට ඉර එලිය වැටිල පස්ස පැත්ත රත් වෙනකම්ම සැප නින්දක් දාපු එකානේ මම) garupale
කොහොම හරි උදේවෙලාවට ඉස්කෝලෙට ගියා. ගියාම අම්මලට මීටින් එකක්(මේක ඉවර වුනේ 11.30ත් පහු වෙලා)
garupale ඉතින් ඒක ඉවර වෙනකන් අපේ පරණ යාලුවොත් එක්ක සෙට් වෙලා පොඩි පහේ ටෝකක් දගෙන හිටියා (මුන්ව මාස ගානකට පස්සෙ අදනෙ සෙට් වුනේ) garupale ඒ මදිවට අද අපිට අලුත් යාලුවොත් එකතුවෙලා හිටියා...(පොළොන්නරුව වගේ පැතිවලිනුත් යාලුවො ඇවිල්ල හිටියා...එයාලත් අද ඉදල ආනන්ද මාතාවගේ දරුවො) bising ඉතින් අද මැක්සා දවස!

කොහොම හරි මීටින් එක ඉවර වෙලා අපි හැමෝම අලුත් පන්ති වලට ගියා. වෙලාවට ශුවර් කරන්න බැරුව හිටියට අයි.සී.ටී කරන්න හම්බුනා.hah...අම්මෝ ඇති යාන්තන්...දැන් මන් කරන්නෙ ගණනුයි,භෞතික විද්‍යාවයි,අයි.සී ටී කියන සබ්ජෙට් තුන (හැබැයි මැත්ස් කලාට මන් බ්‍රයිටෙක් නම් නෙමේ...අනිත් ඒවට වැඩිය මේකට ආස නිසයි තෝරගත්තෙ) garupale

හෙට නිවාඩු හින්ද සදුද ඉදල අපේ වැඩ පටන් ගන්නවා...ප්‍රොජෙක්ට් එකකුත්(අනේ මන් නම් මේක ගැන තාම මෙලෝ දෙයක් දන්නෙ නෑ...කොටින්ම කාගේ හරි එකක් දැකලවත් නෑනෙ) කරල කොහොමහරි A/L ලුත් කරලම බලන්න තමයි දැන් කොල්ලගෙ රෙඩි එක garupale

34 comments:

  1. <<<<<<මට හිතෙන හැටියට >>>>>>>>

    අනික්වා නම් දන්නෙ නෑ.හැබැයි අයි.ටී.නම් දෙන්නම් ඕන බැකප් එකක් :D

    <<<<<<මට හිතෙන හැටියට >>>>>>>>

    ReplyDelete
  2. ආ...... හොඳයි හොඳයි.....
    ඔන්න එහෙනම් නිල වශයෙන් පටන් ගත්තු ගමනට සුභ පතනව......!!!!! :D :D

    (තිත්තයටත් වාරයක් එනවනේ මගේ මළේ..... මට බනින බැනුම් වල රිටන් එක පොලිත් එක්කම දෙන්නම් මගේ ආදරණීය සුදු මලයට.......... හිටුකෝ..... :P :P :P :P)

    ReplyDelete
  3. උඹලටත් පටන්ගත්තද? අපටත් පටන් ගත්තා... මගේ අත්දැකීම්නුත් ඔයිට බෙහෙවින් සමානයි... Good Luck මචන්... All the best !

    ReplyDelete
  4. @බිඟුවා
    ස්තූතියි අයියේ

    @නිපුන
    අයියටත් බොහොම ස්තූතියි

    @හා පැටික්කි
    අයියෝ අක්කේ මට නම් තව අවුරුදු දෙකක්ම තියෙනව නොවැ..ඒත් ඔයාට මාසයයි
    මේ වහාම පොත අතට ගනු. :D

    @දමිත්
    ඔව් මචන් අපිට අද පටන් ගත්තෙ...තැන්ක්ස් මචන් උබත් අනිව එලටම ගොඩ දාගනින් බන්

    ReplyDelete
  5. සුභ පැතුම් මළේ . . . !

    ReplyDelete
  6. සුභ පැතුම් මල්ලී... මැත්ස් හොඳට පාස් වෙලා මොර‍ටුව පැත්තෙ එන්න ලැබේවායි කියල ප්‍රාර්ථනා කරනවා... දැන් මැත්ස් කරන අයට රසායන විද්‍යාව වෙනුවට අයි.සී.ටී කරන්න පුලුවන්ද?

    ReplyDelete
  7. පොඩි එකෝ..
    මාත් ඔන්න සුභ පැතුවා..
    අපේ සහෝදර පාසල නෙව..

    ReplyDelete
  8. සුභ පතනවා මලයට , ආනන්ද විහාරයට හැමදාම වැදලා පලයන් මලේ , උබට කවදාවත් වරදින්නේ නෑ !!! ආ අනික ප්‍රොජෙක්ට් ගැන කියන කොට ; ප්‍රොජෙක්ට් එක කරපං හරියටම වෙලාවට , නැතිනම් ඕක මල ඇණයක් වෙනවා . උඹට ජය !!!

    ReplyDelete
  9. අනිත් විශයන් මොනවද ‍තෝරා ගන්න පුලුවන්

    ReplyDelete
  10. ඔන්න ඉතින් දිල් අක්කිගෙනුත් සුබ පැතුම් ! රටට හොඳ පුරවැසියෙක් බිහිවේවා !

    ReplyDelete
  11. ඉදිරි ගමනට සුභ පැතුම්....

    ReplyDelete
  12. සුබ පැතුම් මල්ලියෝ

    ReplyDelete
  13. එල එල මල්ලී වැඩ හොඳට කරගෙන යමු.

    ReplyDelete
  14. Chanuka WattegamaJune 18, 2010 at 9:56 AM

    මේ ලිපිය මා වසර විසි හයකට එපිට අතීතයට ගෙන ගියා. 1984දි A/L පන්ති පටන් ගත් දිනය මට තවමත් මතකයි. අපේ පන්ති වෙන් කළේ කුලරත්න ශාලාවෙදි. (දැන් තියෙන කුලරත්න ශාලාවට වැඩිය ගොඩාක් වෙනස්.) අපේ බැච් එක තමයි ආනන්දයේ පළමු වරට පරිගණක තාක්ෂණය විෂයක් ලෙස හැදෑරුවේ, ඒ කාලෙ තිබුණු සින්ක්ලෙයාර්, BBC කම්පියුටර් වලින්.

    අපට ඉගැන්නු ගුරු මණ්ඩලයෙන් තවමත් ආනන්දයේ ඉතුරු වෙලා ඉන්නේ එක ගුරුතුමකු පමණයි, මා දන්නා හැටියට.

    හොඳට A/L කරන්න.

    - චානුක වත්තේගම (A/L 1986 batch)

    ReplyDelete
  15. @දුකා
    බොහොම ස්තූතියි අයියෙ

    @sajith
    ඔව්.මේක 2009 ඉදල තමයි හදුන්වල දුන්නෙ.අයියගෙ දිරිමත් කිරීමට ගොඩක් ස්තූතියි

    @මාරය
    බොහොම ස්තුතියි අයියෙ..අයිය නාලන්දෙද?

    @හිඟන්නා
    ඔව් අයියෙ...අයියටත් ගොඩක් ස්තූතියි

    @thinka
    දැනටනම් රසායන විද්‍යාව වෙනුවට I.C.T කරන්න පුලුවන්.නමුත් අනිත් විශයන් නම් ඒ විදියමයි

    @දිල්
    අනේ ගොඩක් ස්තූතියි අක්කි

    @Praසන්ன
    අයියටත් ගොඩක් ස්තූතියි

    ReplyDelete
  16. හසිත මල්ලි මගෙනුත් උබට සුබ පැතුම්.... උබ ඔය අඩිය තියන්නේ ජීවිතේ ලස්සනම කාලයකට. මම නම් ජීවිතේ ආසම කාලේ ඔය කාලේ... හොදට ඉගෙන ගනින්... ඒ වගේම පිස්සුත් නටපන්. ඔය කාලේ එන්නෙ නැහ ආයේ....

    ReplyDelete
  17. එල එල. හසිත මලයාත් එහෙමනම් ගේමට එන්ටර් වුනා නේ. උ.පෙ එක පාරින්ම ගොඩ දාගනින් මලේ ඒක සාපයක් කරගන්න එපා. අද වැඩේ අදම කරන්න හෙටට කල් දාන්න එපා. ඔබට ජය.......

    මලයෝ අකුරු ටිකක් ලොකු කරන්න. background එකත් එක්ක පොඩි අකුරු කියවන්න ටිකක් අමාරුයි............

    ReplyDelete
  18. blog එක වෙනස් කරලා, දස අතෙ කල්පනා කරනවා මම කවුද මෙ හසිතයා, කවුද මෙ හසිතයා කියලා, කනෙක්ෂන් එක ස්ලො වෙලා පින්තුර මුකුත් වැටෙන්නෙත් නැහැ.

    ඔය විෂය සංකලනයට Eng ක් වෙන්න බැහැ නෙ මල්ලියො.. භෞතික විද්‍යා අංශයට නම් යොමු උනහැකි.. නෙද..? රසායන විද්‍යාව කරන්නම ඔනා.. ඔයා ඉංජීනෙරුවෙක් වෙන්න. හරි කමක් නැහැ ඔයා එක ගැන දන්නවානෙ.. අපරාධෙ.. ඔයාට රසයන විද්‍යාව කරන්න නෙ තිබුනෙ..

    ReplyDelete
  19. @හසී
    අක්කිටත් ගොඩක් ස්තූතියි

    @Kaniskha
    කරමු අයියෙ...අයියත් ගොඩක් ස්තූතියි

    @Chanuka
    බොහොම ස්තූතියි අයියෙ...අයියගෙ ඒ සුන්දර අතීතය මතක් කරන්න ලැබිච්ච එක එක ගැන මට ගොඩක් සතුටුයි....

    @පිස්සා පලාමල්ල
    ඔව් අයියෙ...අයියට ගොඩක් ස්තූතියි...අයිය ලියපු අයියගේ පාසල් කාලෙ වෙච්ච සුන්දර සිදුවීම් නම් හරිම ලස්සනයි

    @Hasitha
    ඔව් අයියෙ වල බහින් නැතුව ඉන්න් අගොඩක් ට්‍රයි කරන්න ඕන

    අනේ මන් ගොඩක් අකුරු ලොකු කරන්න ට්‍රයි කලා අයියෙ...ඒත් මේ ටෙම්ප්ලේට් ඒකේ කිසිම දෙයක් මට වෙනස් කරන්න්න දෙන්නැනෙ

    @රවා
    ඔව් අයියේ...ඒත් මේක කරල පරිගණක විද්‍යාව හදාරන්න පුලුවන් නමුත් අනිත් කිසිම Eng. පාථමාලාවක් කරන්න බැ......නමුත් මන් මේ පැත්තට ආස නිසා මේක තෝර ගත්ත අයියෙ

    ReplyDelete
  20. Software Engineer කෙනෙක් වෙන්න Eng උපාධියක්ම තියෙන්න ඕන නෑ මල්ලි. පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණය වගේ උපාධි තිබෙන්නෙත් ඒ සම්බන්ද විශේෂඥයන් බිහිකරන්න.අනික engineer ට එහා ගිය වෘත්තීන් බොහොමයක් තියනවා මේ ක්ෂේත්‍රයේ. පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණය උපාධිධාරීන් අපේ රටට මේ අංශයෙන් විශාල ජාත්‍යන්තර කීර්ති ලබා දීල තිබෙනවා(නියම reserch projects වලට).
    UCSC student, Nuwan I Senaratna won the Gold Award at the Asia Pacific ICT Awards (APICTA)


    SLIIT students win gold at APICTA

    අනික රසායන විද්‍යාව Software Engineer කෙනෙක් වීමට අත්‍යාවශ්‍ය විශයක් නොවෙයි. රසායන විද්‍යාව කරල නිකම් අවුරුදු 2ක් නාස්ති කරනවට වඩා ICT කරන එක මොනතරම් හොඳද ඔයාගෙ ඉලක්කයට යන්න. රසායන විද්‍යාව වෛද්‍ය වෘත්තියට නම් බොහොම වැදගත්.

    ReplyDelete
  21. @Google Bot
    ඔව් අයියෙ මන් ඒගැන හිතල තමයි I.C.T. කරන්න තෝර ගත්තෙ......
    අයියටත් බොහොම ස්තූතියි

    ReplyDelete
  22. සුභ පැතුම් මලයා....උඹත් දැන් උ/පෙ කොල්ලෙක් ආහ්...
    මුල ඉඳන්ම වැඩ ටික කර ගනින්. ව්‍යාපෘතියත් පුලුවන් ඉක්මනට දීපන්, නැත්නම් පස්සෙ මාර ඇණයක් වෙනවා (මම නම් දුන්නෙ අන්තිම වාර විභාග දවසේ :P)
    ගලහිට්යාවගෙන් සහ පොඩි මල්ලිගෙන් පරිස්සම් වෙලා හිටපන් :D
    උඹට ආනන්ද මාතාවගේ සරණයි!!!

    ReplyDelete
  23. සුබ පැතුම් මල්ලෝ... මේ කාලේ තමයි ජීවිතයේ ඉදිරි ගමන තීරණය වෙන අවුරුදු දෙක. උපරිම බ්‍රයිට් කේසුත් මේ අවුරුදු දෙකේ පිස්සු කෙලලා අනාගත්තු සීන් ඕනේ තරම් තියෙනවා. ඒ හින්දා පරිස්සමි ගමන් යන්න මල්ලෝ...

    "ආ මග කෙටියි.. යා යුටු මග දුරයි..."

    ReplyDelete
  24. onna male apith heta enoooooooooooooooo......ICT walata

    ReplyDelete
  25. @කොඩී ,මින්දද ,ජංජාල චාමර ,දුමින්ද කවිරංග ගුණවර්ධන
    අයියල හැමෝටම ගොඩක් ස්තූතියි

    @Irosh
    නියමයි නියමයි

    ReplyDelete
  26. සුභ පතුම් මලේ..... ICT තෝරාගත්තු එක හොඳයි..... ඔය මල ඉලවු රසායනේ කොරන්න ගිහිල්ල තමා අපිට කෙල උනෙ :P

    මලේ ඔයා මේක පොස්ට් කරපු වෙලාව හැටියට මට පෙන්නේ "by Hasitha ජයසූරිය on Nov.22, 2009, under " කියලා. ටිකක් බලන්න දිනයේ අවුලක් තියනවද කියල :)

    ReplyDelete
  27. මේ හා බොක්කෙන්ම සුභ පැතුම්...!! :-D

    ReplyDelete
  28. අලුතෙන් පටන් ගත්තු උසස්පෙල ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

    ReplyDelete
  29. @අමුතු
    බොහොම ස්තූතියි අයියේ

    ටෙම්ප්ලේට් එකේ අවුල් ගොඩයි අයියේ..ඒකයි කේස් එක

    @Bunny ,NUWAN
    අයියල දෙන්නටත් ගොඩක් ස්තූතියි

    ReplyDelete
  30. හසිත මලේ . . . ගොඩ දාගනින් කොහොම හරි මේක . . . උඹට පුලුවන් මලේ . . . ! මගෙන් සුභ පැතුම් !!

    ReplyDelete
  31. @දුමී
    අයියටත් ගොඩක් ස්තූතියි

    ReplyDelete