June 9, 2010

දෙක දෙක එක් කර ඈදීම | දෙවන කොටස

කලින් පෝස්ට් එකේදි මන් කිව්වනෙ දෙක එකට එකතු කරන්න ඕන කරන මූලික දේවල්...ඒක කියවන්න බැරි උනානම් මුලින්ම මෙතනින් ඒක කියවල ඉන්නකො

මේකෙදි අපි මුලින් පරිගණක දෙකටම අයිපී ඇඩ්‍රස් ලබා දෙන්න ඕනෙ ඒ සදහා Start → Control Panel හරහා Network Connection වෙත ගොස් එහි ඇති Local Area Connection අයිකනය මත රයිට් ක්ලික් කර Properties තෝරා Local Area Connection Properties ඩයලොග් බොක්ස් එක ඕපන් කරගන්න.
එහි General ටැබ් එක යටතේ ඇති Internet Protocol (TCP/IP) ඩබල් ක්ලික් කල විට මතුවන Internet Protocol Properties ඩයලොග් බොක්ස් එකෙහි Use the following IP address ලෙස සිලෙක්ට් කර IP address සදහා 192.168.1.1 ද Subnet mask සදහා 255.255.255.0 ලෙසද ලබා දී OK කර ප්‍රොපටීස් ඩයලොග් බොක්ස් වසා දමන්න.

දැන් දෙක එකතු කරන එක පරිගණකයකට අයිපී ඇඩ්‍රස් ලබා දීල ඉවරයි .දැන් මේ කරපු විදියටම අනිත් එකටත් අයිපී දෙන්න ඕනෙ. ඒකෙදි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ අපි කලින් පරිගණකයට ලබා දුන්න 102.168.1.1 IP address එක වෙනුවට 192.168.1.2 ලෙස ලබා දීම ගැනයි.
මෙලෙස IP address එක ලෙස 192.168.1.2 ලෙස හා Subnet mask සදහා කලින් පරිගණකයට දුන් පරිදිම 255.255.255.0 ලෙසම ලබා දී OK කර ඩයලොග් බොක්ස් සියල්ලම වසා දමන්න. ඔන්න දැන් වැඩ ගොඩක් ඉවරයි.

දැන් පරිගණක දෙකම එකම වර්ක්ගෲප් එකකට ඇතුලු කරන්න ඕනෙ.(මෙහෙම කරන්නෙ මේ දෙකම එකම ජාලයක බව පෙන්වා දෙන්න)

මේක කරන්න My Computer මත රයිට් ක්ලික් කරල Properties තෝරන්න දැන් ඕපන් වෙන System Properties ඩයලොග් බොක්ස් එකෙන් Computer Name ටැබ් එක තෝරන්න. දැන් මේකෙ තියෙන Computer description යටතේ පරිගණකටය නමක් දෙන්න ඕනෙ. (මේකට අපේ නමම දාමු ,මම නම් දැම්මෙ hasitha1හා hasitha2 කියල)
ඊට පස්සෙ Work group එකටත් නමක් දෙන්න ඕනේ (මේ පරිගණක දෙකේම වර්ක් ගෲප් එකට එකම නමක් දෙන්න "my home net" වගේ) දීල OK එක ඔබල ඔතනින් කැපෙන්න.

දෙන්නටම නම් තැබුවට පස්සෙ පරිගණක දෙකම රී ස්ටාට් කරන්න ඕනෙ...ඊට පස්සෙ ඕන් දෙන්නම එකට එකතු වෙලා ඉන්නෙ (ශෝයි!...හැබැයි මෙයාල එකට ඉන්නව කියල පෙන් නම්නෙ නම් නෑ)

දැන් අපිට අනිත් කම්පියුටරේ තියෙන මොකක් හරි (ෆයිල් එකක් වගේ) දෙයක් ගන්න ඕන වෙච්ච ගමන් කරන්න තියෙන්නෙ ඩෙක්ස්ටොප් එකේ තියෙන My Network Places අයිකන් එක ඩබල් ක්ලික් කරල විවෘත කර ගෙන එහි ඇති View Workgroup Computer කියන තැන ක්ලික් කරන‍්න විතරයි. එතකොට අපේ හෝම් නෙට්වර්ක් එකේ තියෙන කම්පියුටර්ස් දෙක අපි ලබා දුන්න නම් වලින් පෙන්නනවා.... දැන් ඉතින් ඒකෙ ඒව මේකටයි මේකෙ ඒව ඒකටයි දාගන්න බැරියැ :D

20 comments:

  1. ගොඩක් ප්‍රයෝජනවත්, හැබැයි මීට මාසයකට කලින් තිබ්බනම් මට ගොඩාක් ප්‍රයොජනවත් වෙනව :(

    දිගටම ලියපන් කොල්ලෝ, අපේ සුභ පැතුම්!!!

    ReplyDelete
  2. හසිත මල්ලි,

    ගොඩක් හොඳයි. හුඟ දෙනෙකුට මේක ප්‍රයොජනවත් වෙයි ෂුවර් එකටම . . .! දිගටම වැඩේ කරගෙන යන්න . . . .

    ReplyDelete
  3. @කොඩී,දුමී

    අයියල දෙන්නටම ගොඩක් ස්තූතියි

    ReplyDelete
  4. නියමයි මාත් හොය හොයා උන්නේ..............නෙට් එකෙන් බැලුවට එච්චරම ඔලුවට ආවෙ නෑ........දැන් හරි තැන්කූ වේවා.................

    ReplyDelete
  5. ඔයාගේ ලිවිල්ල අනෙක් අයට තේරෙන්න කරනවා , මම මේක ලියුවා නම් අනික් අයට අච්චාරු වගේ තියෙයි, මොකද සමහර තෑන් තේරුම් කරද්දි මට අමතක වෙනවා ඕනේ කරන සමහර පොඩි පොඩි කරුණු කියන්න !!!!

    ReplyDelete
  6. @lakshitha
    නියමයි...කමෙන්ට් එකට ස්තූතියි සහෝ..

    @හිගන්නා
    අනේ අයිය ලියන ඒව මීටත් වඩා හොදයිනෙ

    ReplyDelete
  7. හිඟන්න කීව කතාව ඇත්ත මල්ලියෝ....
    හොඳ ගුරුවරයෙක්....
    බොහොම ස්තූතියි..

    ReplyDelete
  8. @Wath
    බොහොම ස්තූතියි අක්කෙ

    ReplyDelete
  9. ඔන්න විජය පරිගණක ජුනි සඟරාවේත් ඔයිට සමාන දෙයක් තියෙනවා.

    ReplyDelete
  10. මම විදේශ ආධාර ගත්තෙ ඒකෙන් තමා....හැබැයි මේ ලියල තියෙන්නෙ ඒකම නෙමේ

    ReplyDelete
  11. මලයා දියුණු වෙලා. ජය වේවා අපේ පුංචි සර්ට :)

    ReplyDelete
  12. අපේ කොම්පියුටර් මලයා සෑහෙන්න වැඩ කරලනෙ මම නැති දවස් ටිකේ... නියමයි මල්ලි. මමත් ලැප්ටොප් එකක් ගන්න හිතන් ඉන්නවා. මගේ ඩෙස්ක්ටොප් එකට බ්ලූටූත් පොර්ට් එකක් නැති හින්දා ඔය වගේ ජිල්මාර්ට් එකක් දාන්න වේවී සමහරවිට..

    ReplyDelete
  13. @Hasitha
    "පුංචි සර්"...හික්ස්zz...ඒකත් මරු නම නේ

    @මින්දද
    ඕන උදව්වක් අයියෙ....ඒත් ඒ දෙක බ්ලූටූත් වලින් නෙට්වර්ක් කලොත් ගොඩක් ලේසි වෙයි...ඩෙක්ස්ටොප් එකට බ්ලූටූත් ඩොන්ගල් එකක් නම් පොඩි ගානකට ගන්න පුලුවන් වෙයි

    ReplyDelete
  14. එල එල!!!වැඩේ නියමයි!දිගටමු අළුත් දේවල් කරමු.අපෙන් සුභ පැතුම්!

    ReplyDelete
  15. මලය අර මගෙපෝස්ට් එකට නම් දාපු කින්ඩි ටොක් එකට මම පොඩි සද්දක් දැමමා :-@ .කව්ද මේ හසිත බුවා කියලා බලන්න තමා මේ ආවෙ.බ්ලොග් එකට ආවම මේ වැඩේ දැක්කාම කියන්න ආපු එකත් අස් කර ගත්තා.බයිලා ගහලා පොර වගෙ වෙන්න හදනු උන් ඉන්න මේ ලෝකෙ මලය වගෙ උන් ඉන්නවා නම් කොල්ලො අයි.සී.ටී වලට ආයි පන්ති යන් නැති වේයි.අයි ටී උගන්නන උන්ට හුලං..


    පීලි පැන්නා>>>>>

    ඔය පෝස්ට් එකට මේ ටිකත් දාන්න.

    1.නෙට් වර්ක් කලාට මේ දෙන්නා ගෙන් එක් එක් කෙනා අතර එහෙට මෙහෙට පනින්න කලින් ෆයිල් හරි ඩ්‍රයිව් හරි ශෙයා වෙන්න ඕනි.එහෙම නැත්නම් අර මයි නෙට් වර්ක් ප්ලෙසස් හරහානෙ පනින්න ඕනෙ.තව ලෙසිම ක්‍රමයක් තියෙනවා.ඒක තමා රන් එකේ අයි.පී එක ගහලා පනින එක.මෙහෙමයි...

    හිතන්න අනිකෙ අයි.පී.එක 192.168.1.2 කියලා.යන්න ඕනි එකේ D:\> වල Music කියන ෆෝල්ඩර් එකට කියලා.මෙහෙම කරන්න.

    \\192.168.1.2\d$\Music මේක රන් එකේ ගහන්න.

    ඔයා හරියට ශෙයා කරලානම් ෆොල්ඩරෙට යයි.නැත්නම් ප්‍රොම්ට් එකක් එයි.ඒ පරිඝකෙ ඇඩ්මින් පාස්වර්ඩ් එක අහලා.එතකොට ඒක දෙන්න.
    මැශින් දෙකක් ජාල ගත කීරීමට කියන්නෙ Peer to peer Networking කියලා.

    2.මැශින් දෙක කනෙක්ට් වෙලාද කියලා බලන්නෙ මෙහෙමයි.
    ( දන්න කඩ්ඩෙන් දාන්නම් මලයා පස්සෙ මාරු කරන්න හරි?? )

    Run > Type "CMD" >hit enter>
    in command prompt type ipconfig \all
    you will see your ip address in response

    now type > ping 192.168.1.2 (ip of other machine)
    if you can see "request from 192.168.1.2"
    Now you are on the go.. :D
    Exit command prompt.


    3.Get run and type "mstsc" which opens Microsoft Terminal screen.

    in blank place type up IP of next machine.

    (Before doing this make sure you have enabled remote connectivity to your mashines )

    (To enable connectivity Right click on My computer Icon and select properties >remote tab>tick "allow user to connect...under remote category " do this on both machines)

    Now ready to go.
    now type IP of other mashine ip and get that login window to your desktop.

    තට්ටු ගනන් තියෙන බිල්ඩිම් වල දුර තියෙන ඒවා ඇඩ්මින් කාමරේ ඉදලම හදන්නේ මෙහෙමයි.

    පොස්ට් එකක්ද කමෙන්ට් එකක්ද? මොක උනාම මොකො වැඩක් තියෙනවනම් නේද?

    ප.ලි
    මාත් කරන්නේයි උගන්නන්නේ ජාල කරනය.ඉතින් ආයෙ මේක දැක්කාම ෆුල් සැටිස්.කොල්ලාගෙ උත්සාහයට.සුබ පැතුම් හසිත

    ReplyDelete
  16. @නිපුණ
    බොහොම ඉතූතියි අයියෙ..ඇත්තටම මේක මන් දැන ගෙන හිටියෙ නෑ...බොහොම ස්තූතියි...

    කින්ඩි ටොක් එක නම් ඉතින් වයසෙ වැරැද්දනෙ... :D

    ReplyDelete
  17. ඔව් ඉතිං හොද හෝටලෙ හම්බ වෙනකන් :-D :-D :-D

    ReplyDelete
  18. අම්මෝ ඔව්...හික්zz :D:D

    ReplyDelete
  19. ඇනෝනිමස් කිවා වගේ නෙට් තියෙන ගොඩක් අය පරිගනක සගරාව ගන්නැ නෙවැ ඉතින් හසි කොල්ලා කොච්චර දෙයක්ද කරලා තියෙන්නෙ... මෙ මලේ අර ජනෙල් ලිනකස් එකනම් ඉක්මනටම ඔනේ.....

    ReplyDelete
  20. @Bunny !
    අනිව ඉක්මනටම දාන්නම්

    ReplyDelete