June 26, 2010

මාර බිසී වීක් එකක්

කට්ටිය ඉතින් කොහොමද? ඔන්න කොලුවට නම් අමුණල කරල යන්තන් 17 ලැබුවනේ.hah ඒත් මදි අප්පා මන් මේ බලන් ඉන්නේ 18+ වෙනකන්, මොකද ඉතින් එතකොට කොල්ල ස්වායත්තනෙ (උපන් දිනේට විශ් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි හොදේ) garupale



සදුද ඉදල අපේ A/L පටන් පන්ති පටන් ගත්තා. ඒ මදිවට 13 M 6 එකේ අයියලට චොක්ලට් රෝලුයි බීමයි දුන්නා (මේක තමයි අපේ සිස්ටම් එක..12 එවුන් 13 එවුන්ට පාටියක් දෙනවා ...අයියලව සෙට් කර ගන්න එපෑ සේරටම කලින්) අලුතෙන් ආව කට්ටිය එක්කත් අපි දැන් ෆුල් ෆිට් garupale ඒ අස්සේ ප්‍රොජෙට් එකකුත් කරන්න එපෑ....මෙකට අපේ නිපුන අයිය මට ගොඩක් උදව් කරනවා bising

මන් ඕ.ලෙවල් ඉවර වෙච්ච ගමන් FIT(UCSC) කරන්න ගත්තට ඒක තාමත් ඉවර කර ගන්න බැරි උනානේ garupale(හෙනම කම්මැලිකමක් අප්පා තියෙන්නේ)...දැන් නම් අශාන් අයියගෙ හෙල්ප් එකෙන් ඒකත් ඉවර කරල දාන්න යන්නේ....ඉතින් මන් මේ දවස් වල බිසී....ඒ මදිවට ඉස්කෝලෙ වැඩත් ඒ අස්සෙ කරන්න එපැයි...ඇයි තව ප්‍රොජෙට්...අම්මෝhah

ආ මම දැන් පොඩි හසී නේgarupale...අපේ බ්ලොග් අවකාශයේ ඉන්න හසීල එකතු වෙලා හදාගත්ත සාඩම්බර හසී පවුලෙ පොඩි එකා නොවැ(කාටද ආඩම්බර..මටනේ)


ඔයාලටත් අපේ පවුලට ජොයින් වෙන්න පුලුවන් ඕන්

දැනට අපේ කට්ටිය මෙහෙමයි,

කොලු හසී (මෙයා තමා අපේ ලොක්කයියා)
කතා හසී (මෙයා තමා අපේ කතා කාරය)
කෙලි හසී (අක්කා ඉතින් කෙල්ලෙක්නේ)
පොඩි හසී(මන් ඉතින් තාම පොඩි එකා නොවැ) garupale

ඔයත් හසී කෙනෙක් නම් අපේ සෙට් එකත් එක්ක සෙට් වෙන්න.
around

18 comments:

  1. හසී සෙට් එක නම් මරු මලයෝ , ඉස්කෝලේ වැඩත් හරියට කරගනින් කොල්ලෝ , ජය ~~~~

    ReplyDelete
  2. ඉස්සරහට තව බිසී වෙනවා. ඒක නිසා වැඩ කටයුතු ටික ලස්සනට වෙලාවට කලාවට කරන්න මල්ලී. නැත්නම් වැඩ ගොඩ ගැහිලා නන්නා වෙනවා............

    ReplyDelete
  3. කියන්න මුකුත් හිතට එන්නෑ.......
    වඩ පටලව ගන්නැතුව කරන්න මගේ මල්ලියෝ.......

    හසී සෙට් එක ගැන නම් ඉතින් කියල මොටද හැමෝම දන්නවනේ......

    මගේ මල්ලියට සුභම සුභ සියළු පැතුම් ඉටුවන උපන්දිනයක් වේවා!!!!! කියල පතනවා......... :) :) :) :)

    ReplyDelete
  4. @හිඟන්නා
    ෆුල් ට්‍රයි එක දෙනව අයියේ

    @Hsitha
    නාන් නැතුව ඉන්න ෆුල් ට්‍රයි එක දෙනවා

    @හා පැටික්කි (MS)
    මට හසී පවුල ගැන පොස්ට් එකක් දාන්න බැරි උනානෙ අක්කේ..ඉතින් ඒකයි මතක් කලේ :)

    බොහොම ස්තූතියි අක්කේ සුබ පැතුමට...මේ ඒක නෙමේ අක්කේ තව මාසයයි ;)

    ReplyDelete
  5. වැඩ ටික හොදට කරගෙන යන්න මලයෝ..

    උපන් දිනයටත් සුබ පැතුම්.. ඔහොම යන්! තව එකයි !!

    ReplyDelete
  6. මැත කරන හින්දා හොඳට කරපන්. ඕකෙ වටිනාකම තේරෙන්නෙ ඉස්සරහට. උපන්දිනේට සුභ පතනව කොල්ලට.....

    ReplyDelete
  7. හොඳට වැඩ ටික කර ගනින් කොල්ලෝ,අපි වගේ නැතුව. ජයෙන් ජය ම වේවා!!!

    ප.ලි.
    අයියලට චොක්ලට් රෝල් දුන්න විතර ද, අලුත් සෙට් එකෙන් ගත්තෙ නැද්ද තාම :D

    ReplyDelete
  8. සුභ උපන් දිනයක් වේවා සහෝ!!!
    ඔයා වගේ ක්‍රියාශීලි ශිෂ්‍යයන් තමයි අපේ රටට අවශ්‍ය.
    ජය වේවා!

    ReplyDelete
  9. කෝ චොකෝ ..... අපිට නැතෙයි..

    ReplyDelete
  10. /*ඒත් මදි අප්පා මන් මේ බලන් ඉන්නේ 18+ වෙනකන්, මොකද ඉතින් එතකොට කොල්ල ස්වායත්තනෙ */

    හසී මලයා 18+ වෙනකම් ඉන්නෙ චන්ද බලය ලැබෙන හින්දා වෙන්ටැ.. :D
    හැදුනුම්පතත් වැලීඩ් වෙනවා නෙවෙද??

    සෝලි වෙන්ට කාරි නෑ අපි දැක්කෙ නෑ ඕං... :D :D
    කොල්ලො උනාම ඔහොම තමා නේද මලයා???

    ප්‍රමුඛතා ලැයිතුවේ රන් අකුරෙන් ලියලා එහෙම ඔය පොරොජෙක්ට් එක නම් ඉවර කොරන්ට.නැත්නම් ඉතින් , හෆොයි !!!

    ReplyDelete
  11. හොඳින් වැඩ කටයුතු කර ගන්න ලැබේවා පතනවා..

    ReplyDelete
  12. @මින්දද,thariya
    අයියල දෙන්නට බොහොම ස්තූතියි

    @කොඩි
    නැතුව අයියෙ අලුත් කට්ටියගෙන් ගත්ත ඒව තමයි අයියලටත් දුන්නේ :D

    @යු ][ එස්
    බොහොම ස්තූතියි

    @Wath
    අප්පච්චියේ මන් චොකෝ මේල් කරානේ...අක්කට හම්බුන් නැතෙයි? :D

    @නිපුන
    මේකනෙ අයියෙ චන්ද බලයනම් බල්ලට දාමුකො..ඒවගේද 18+ උනාම ඉතින් ලොකු මිනිස්සුනේ

    >කොල්ලො උනාම ඔහොම තමා නේද මලයා???
    අන්න අයියට තේරුනා...ඕක තමයි ඇත්තටම කාරණාව :D

    අම්මෝ ප්‍රොජෙක්ට් එකනම් ඉක්මනටම ඉවර කරල දාන්න ඕනේ...අයියගෙ හෙල්ප් වලට ගොඩක්ම ස්තූතියි

    @Ansh
    බොහොම ස්තූතියි අක්කටත්...ආ කෝ අක්කගෙන් අපිට චොකෝ? :D

    ReplyDelete
  13. අපේ පොඩ්ඩාගේ අනාගතය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  14. දිමුතුJune 27, 2010 at 2:33 PM

    අපිට නම් මචං අප්‍රේල් මාසෙ පටන් ගත්ත දැන් එක පාඩමක් කරලත් ඉවරයි

    ReplyDelete
  15. @හසී
    බොහොම ස්තූතියි අක්කි

    @දුමුතු
    අපේ නම් මේ මාසෙ 17 බන් පටන් ගත්තෙ..ඒත් වැඩ කරන්න ගත්තෙ ගිය සදුද ඉදල

    ReplyDelete
  16. සුභ උපන්දිනයක් මල්ලී.ආ ඒ වගේම හසී පවුලටත් ජයෙන් ජය

    ReplyDelete
  17. මැත්ස් නියමයි නෙ! පිස්සු හැදෙනවා!

    ReplyDelete
  18. @NUWAN"s lane
    බොහොම ස්තූතියි අයියේ

    @Sඅමීර(සමීරා
    ඔව් බන් කැරකිල්ල වගේ..හික්ස්zz

    ReplyDelete