July 4, 2010

මේ ඒ වෙලාවයි





හිටියා එකට කාගෙන කටු ඒ කාලෙ
නැටුවා එකට හොද හැටි පිස්සුත් තාලේ
කෙරුවා විභාගෙත් සෙට් වීලා එකසේ
මම ගොඩ ගියා අයියෝ ඌ නෑ ආවේ garupale

දෙමව්පියෝ දුක් වෙනවා නේද මචෝ
වෙන්නට කලින් කිව්වා මතකයිද මචෝ
කලින් හිටිය යාලුවො දැන් කොයිද මචෝ
උනු සිද්ධියේ රග දැන් දැනෙනෙවද මචෝ hah

එදා කෙරුව ගොන්කන් දැන් නොම සිදු කරලා
මෙදා පොටේ බැට් කරපන් අත දිග ඇරලා
උබට හිනා උනු සැමගෙම හොට බිම ඇනලා
දීපන් ගේම යාලුවෙ මුලු වීරිය යොදලා bising

12 comments:

  1. ඔය තේරිලා තියන්නේ ඇත්ත , ගොඩක් යාලුවෝ ඉන්නවා අපිත් එක්ක හිනාවෙලා ඉන්න , නමුත්ය් විභාගේ ප්‍රතිඵල ආවහම තමා තේරෙන්නේ අපිට අඬන්න ඕනෙද නැද්දන් කියලා , ඔය වෙලාවට ඉතින් අපි ලඟ එකෙක්වත් නෑ අඬන්න වුනොත් !!!

    ReplyDelete
  2. තමන්ට ඉන්නෙ තමන් විතරයි, විපතකදි..

    ReplyDelete
  3. හ්ම්ම් ආන්ෂ් අක්කාගේ කතාව හරි

    ReplyDelete
  4. තමන් හිසට තම අතමය සෙවනැල්ල.......

    ReplyDelete
  5. ඒකත් ඇත්ත. හුඟක් යාලුවො කාලයත් එක්ක වෙනස් වෙනව... වෙනස් වෙන්න සිද්ද වෙනවා.

    දෙය්යනේ කියල අපේ සෙට් එක නම් තාමත් ඉස්සර වගේ ෆිට් එකේ ඉන්නවා. ඒත් ඉතින් කාලයත් එක්ක හැමෝම එක එක පාරවල් වල යනවනේ...

    මොනව උනත් අන්තිමට තන්මට තමන් විතරයි.

    ReplyDelete
  6. තමන්ට තමන්වත් නැහැ කියලානේ බුදු බණේ කියන්නේ. එතකොට අන් අය ගැන කවර කතාද ?

    තමන්ගේ අරමුණ තේරුම් අරන් කටයුතු කරනවා නම් ගැටළුවක් නැහැ. ගිය පාර කරපු ගොන් කම් තේරුම් අරන් මේ පාර හොඳට කරගන්න යාළුවාට හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.............

    ReplyDelete
  7. හොඳ යාලුවෝ හොයා ගන්න ලේසි නෑ...

    ReplyDelete
  8. අදහස් දක්වපු හැමෝටම ස්තූතියි

    ReplyDelete
  9. යාලුවාට හොඳට උදවු කරලා කොහොම හරි ඌවත් ගොඩදාපන් මල්ලී..

    ReplyDelete
  10. යාලුවට උදව් කරපන් මලයෝ..උගෙ හිතේ තියෙන වේදනාව වීරියක් කරන්න.ඒ ඇති. මාත් සුබ පතනවා දෙන්නාටම ඉදිරි ගමනට

    ReplyDelete
  11. @ළමයා,නිපුන චාමින්ද
    අනිව අයියෙ.....කමෙන්ට් වලට අයියල දෙන්නටම ස්තූතියි

    ReplyDelete