July 10, 2010

අහන් ඉන්න අහගෙන ඉන්න

මේ සින්දුව මට මුලින්ම අහන්න හම්බුනේ යූ ටියුබ් එකෙන්. එදා මේක අහද්දි මට මාර ගතියක් ආවට වැඩ ගොඩක් අස්සෙ හිටිය හින්ද සම්පූර්ණයෙන්ම අහන්නවත් බැරුව ගියා.ඒත් දැන් නම් මට මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන් නෑ garupale ඒත් මට මේකෙ ගායිකාව ගැන නියම විස්තරයක් දැන ගන්න හම්බුනෙත් නෑ.ඒ වගේම මන් කීයටවත් හිතුවෙ නෑ මේ සින්දුව කියන ඒ ගායිකාවත් අන්ධ කෙනෙක් කියල garupale ඒත් අද පැල්පතේ මේ සින්දුව ගැන දාල තිබ්බ පොස්ට් එකෙන් තමයි මන් දැනගත්තෙ මේ සේරම විස්තර නමුත් ඒ අයියවත් තාම දන්නෙ නෑ ගායිකාව හරියටම කවුද කියල hah ඒත් මේකලා ගමගේ කියල නමක් වීඩියෝ එකේ නම් තියෙනව.

සින්දුවෙ නියම රසය විදින්න නම් ඒ ගායිකාව ගායනා කරන නියම ක්ලැසිකල් විදියට තියෙන සින්දුව අහන්නම ඕන. මේකෙ mp3 එක ඩවුන්ලෝඩ් කර ගන්න පැල්පතේ පෝස්ට් එකෙයි හෙලය අයියගෙ මියුසික් විතරයි එකේ පෝස්ට් එකකයි දීල තියෙනව ඉතින් මන් යූටියුබ් එකේ තියෙන ක්ලැසික්ල් එක දාන්නම් ඔයාලත් අහන්න මැක්සා garupale



මේකෙ රොක් විදියට තියෙන සින්දුවකුත් තියෙනව hah ඒත් මන් ක්ලැසිකල් එක තරන් නම් රොක් එකට ආස නෑ



ඔයාලට මේ සින්දුව ගැන තවත් වැඩි විස්තර ඕන් නම් පැල්පතේ පෝස්ට් එක කියවන්න. මොකද ඒකෙ මේ ගැන ගොඩක් විස්තර දාල තියෙනව garupale මට මේ පෝස්ට් එක ලියන්න හිතුනෙත් ඒක දැකලම තමයි.garupale

34 comments:

  1. ස්තූතියි මල්ලියෝ.........

    ReplyDelete
  2. @Wath
    කමෙන්ට් එකට ස්තූතියි අක්කෙ

    ReplyDelete
  3. කැලැසිකල් වර්ෂන් එක අහල ඉවර වුනා විතරයි...
    මට පුලුවන් නම් ඒ ගීතයේ ස්වර ප්‍රස්ථාරය හොයා ගන්න...

    මල්ලිලාගේ වයසෙ ළමයි මේ වගේ ගීත අහනව කියල දැන ගත්ත එකම සතුටට කාරණාවක්...

    ReplyDelete
  4. ගිහින් බලන්න......
    ඔයාගෙ ප්‍රශ්නෙට මෙතන උත්තරේ තියනව මල්ලියෝ...........

    ReplyDelete
  5. අනේ ඇත්තට මාත් පොට්ටි ඇයි මලේ ඔය Vedio එකේ මුලින්ම sung by Mekala Gamage කියල දානවනේ.........

    ReplyDelete
  6. මල්ලි මට අහුවෙන හැම මුතු කැටයක්ම මම අල්ලලා සාක්කුවෙ දාගන්නවා, මෙ සිංදුවත් එවගෙ. බොහොම ගැඹුරු තෙරුම් තියන සින්දුවකින් ගන්න බැරි ගොඩාක් දෙවල් මෙ සරල සින්දුවකින් ඇතුලට ගන්න පුළුවන් ඉක්මනින්. ඔයාට ස්තුති මල්ලි, මෙ වගෙ දෙයක් හම්බ වුණොත් බෙදාගන්න අමතක කරන්න එපා.

    ReplyDelete
  7. මේක කොහේදි හරි කලින් ඇහුව... ඒත් සින්දුව නැහ මම ගාව. මේක මතක් කරපු උබට ස්තුතියි... පැල්පත බ්ලොග් එකටත්... සින්දුව ගත්තා.

    ක්ලැසිකල් එකනම් උපරිමයි. මම ඇස් දෙක පියාගෙන අහන් හිටියා... අමුතුම හැඟීමක් එන්නේ....

    ReplyDelete
  8. ස්තුතියි මලයටත්, පැල්පත බ්ලොග් එකටත්. සිංදුව ගැන නම් කියල වැඩක් නෑ. හැබැයි මට මේකෙ තේරුම නම් තාම මීටර් උනේ නෑ. තේරුන කෙනෙක් ඉන්නව නම් පොදු ජන පාං සංවේගය පිනිස කියන්න පුලුවන් ද???

    ReplyDelete
  9. රවාගේ පෝස්ට් එකේ දැක්කා මේ ගීතය ගැන . .. ලස්සනයි මලේ . . අපූරු ගීතයක්

    ReplyDelete
  10. හසිත මලේ, උපරිමයි . . . ! නියමයි . . .සරල තනුවක් උනත් හිතට වදින ලයාන්විත හඬක් . . . !

    @වත්, ඔයා හොයන්නෙ වෙස්ටන් නොටේෂන්ද ? ඊස්ටන් නොටේෂන්ද ?

    ReplyDelete
  11. @Wath
    අනේ අක්කෙ මේකෙ ස්වර ප්‍රස්ථාරය නම් තාම කොහෙවත් දැක්කෙ නෑ.ඒත් හම්බුනොත් මන් අක්කට දෙන්නම්

    @Shadow/හේමලයා
    කමෙන්ට් එකට තැන්ක්ස් මචෝ

    @හා පැටික්කි (MS)
    අයියෝ අක්කෙ මන් වගේ ගොන් නාම්බෙක්

    @රවා
    ඔව් අයියෙ ඇත්තටම මේක මුතු ඇටයක්ම තමා

    @පිස්සා පලාමල්ල
    අනිව අයියෙ, ක්ලැසිකල් එක නම් ඇත්තටම විදින්න පුලුවන් සින්දුවක්

    @කොඩී
    තේරුම හරියටම හොයල දාන්නම්

    @දුකා
    අනිව මැක්සම සින්දුවක් අයියෙ

    @දුමී
    ඇත්තමයි අයියෙ මාර විදියට ආස හිතෙනව මේක අහද්දි

    ReplyDelete
  12. මටත් ටික දවසකට කලින් තමයි MP3 එක ලැබුනේ. සිංදු දෙකම මැක්සා

    ReplyDelete
  13. @හෙළයා
    ඔව් අයියෙ මන් දැන් ටිකකට කලින් අයියගෙ ඒ පෝස්ට් එක දැක්කා....ඇත්තටම මැක්සම තමයි අයියෙ

    @Ansh Lucky Sri Jay
    ඇත්තටම නියමයි අක්කෙ...මන් අහපු මැක්සාම සින්දුවක්

    ReplyDelete
  14. අම්මෙ අර කැලැසිකල් එකේ තියන කනට මිහිර .......

    ReplyDelete
  15. මේ සිංදුව ඉස්සෙල්ලම දැනගත්ත දවසේ ඉදන් දවස් දෙක තුනක් යනකම්ම මම ඔය සිංදු දෙක විතරක්ම දාගෙන ඇහුවා....තාමත් මගේ ප්ලේ ලිස්ට් එකේ ඔය දෙක තියේ.....ඒ තරම්ම හිතට වැදුනා....රොක් එක මාර ගති‍‍‍...කැලැසික් එකනම් මාරම ගති....කියන්න වචන නෑ...පද පෙල එකම වුනත් කියන සුවරූපය අනුව හිතට දැනෙන දේ ගොඩාක් වෙනස්....ඒක තේරෙන්නේ එ සිංදු දෙක විතරක් දාගෙන එක දිගට අහපුවහම....මොනාවුනත් අනර්ඝම නිර්මාණයක්....නැවතත් මතකය අවදි කරාට බොහෝමත්ම ස්තූතියි පොඩි හසියෝ....

    ReplyDelete
  16. @කොඩී
    අයියෙ මේ මේකෙ තේරුම ම නෙමේ.මේ තියෙන්නෙ රවා අයියගෙ පෝස්ට් එකට අන්ශ් අක්ක දාපු කමෙන්ට් එක...මේකෙන් ගොඩක් දුරට සින්දුව තේරුම් ගන්න පුලුවන්

    "මෙහි versions දෙකක් තියෙනවා. එකක් ඉන්ද්‍රචාප ලියනගේ ගේ රොක් වර්ෂන් එක සහ අනික කවුදෝ ගෑණු ළමයෙක් කියන ගීතය. ඇත්තම කියන්න ඒ ගෑණු ළමයගේ ගීතය හරිම සංවේදියි. එයා ඇත්තටම ඇස් පේන්නෙ නැති කෙනෙක්. එයාට දැනෙන හැඟීම්, ලෝකය දකින හැටි තමයි මේ කියන්නෙ.
    ඕක ගායනා කරපු වේදිකාවෙදි එයා කියනවා, මේ ගීතය දැන් මට දැනෙන හැටියට ඔයගොල්ලොත් අහන්නකෝ කියලා, මුලු ප්‍රේක්ශකාගාරයම අන්ධකාරයේ ගිල්වනවා. ඊට පස්සෙ ගීතය මැද හරියෙදි තමයි ප්‍රේක්ෂකයොත් දැන ගන්නෙ, ඒ දැරිවි අන්ධ කෙනෙක් බව. ඒ දැරිවි ලෝකය දකින්නෙ කොහොමද කියන feeling එක ඒ ටික වෙලාවට අපූරුවට ප්‍රේක්ශකයන්ට දනවනවා"

    ReplyDelete
  17. ස්තුතියි මලේ...

    ReplyDelete
  18. @හිඟන්නා
    කියල වැඩක් නෑ අයියෙ මැක්සාම තමයි

    @හසියා
    ඇත්තමය් අයියෙ මාත් දැන් මේ සින්දු දෙක විතරයි දාන් ඉන්නේ...මාරම ලස්සනයි

    ReplyDelete
  19. නියමායි! මේව අහන්න තියෙනව නම් හිත් සම්පූර්ණ පිරිසිදුයි!

    ReplyDelete
  20. සින්දුව නම් මාර සිරා..

    මට මෙ කැලැසිකල් සින්දුව අහනකොට දැනුනෙ හරියට හයියෙන් වහින වෙලාවට.. ජනේලෙ ඇරගෙන වැහි පින්න මූනට වැදෙනකොට එන හැගීම වගෙ එකක්...

    සින්දුව නම් නියමයි!!!(හැබැයි අයියෙ අර වැහි පින්න ගැන මම ලියපු එක වැඩිය ගනන් ගන්න එපා...හික්ස්..ඒ මට දැනුන විදිහ...)

    ReplyDelete
  21. සිංදුවනම් නියමයි, මම නම් කැමති රොක් වර්ශන් එකට තමා... :D

    ReplyDelete
  22. හරිම ලස්සන සින්දුවක් පොඩ්ඩෝ. කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ.ඕක මම මුලින්ම දැක්කේ හෙළයාගේ මියුසික් විතරයි බ්ලොග් එකේ.. ස්තුතියි ඔයාට :)

    ReplyDelete
  23. මරු පොඩි හසියො... මෙකනම් සිරාබන්, මම දෙකටම කැමතියි..නමත් අර ග්ර්ල් කියන එකෙදි, සිංදුවෙන් එක හැගිම් ගොඩාආආආඅක්ම එලියට එනවා...

    ReplyDelete
  24. @සසිත්
    අම්මෝ ඇති යන්තන් ඔය හිත පිරිසිදු කර ගත්ත එක:P...සිරාවටම මැක්සා මචන්

    @sheshanie
    ඇත්තටම ඔයාගෙ වැහි පිනි කතාව ඇත්ත.වැහි පින්න වදිනකොට දැනෙනේව වගේ අමුතුම රසයක් මේකෙ තියෙන්නෙ....කමෙන්ට් එකට බොහොම ස්තූතියි නංගා (නංගියෙක් කියල හිතන්නෙ :D)

    @දමිත්
    මාත් රොක් එකට කැමතියි මචන්...ඒත් ක්ලැසිකල් එකේ තියෙන්නෙ අමුතුම පට්ට ගතියක්

    @හසී
    ඒකනෙ කෙලි හසී අක්කෙ කියන්නෙ.

    @බනියා
    ඔව් බන් ඇත්තමයි...ඒකනම් පට්ට...ඒත් ඔය හැගීම් ඔච්චර අදින්න එපා බොල :P

    ReplyDelete
  25. @ දුමී අයියා
    මට ඕනි ඊස්ටන් නොටේෂන්... වයලීන් හඩ හරිම මිහිරියි මේ ගීතයේ... සොයා ගන්න පුලුවන්ද අයියා...

    ෴වත්෴

    ReplyDelete
  26. සිරා සිංදුවක් නේ මලයා කොහෙන්ද හොයා ගත්තේ ? උපරිමයි :)

    ReplyDelete
  27. නියමයි මල්ලී ස්තුතියි

    ReplyDelete
  28. තරහ වෙන්න එපා මෙහෙම කමෙන්ට් එකක් දැම්මට.

    අපි හැමෝම ගස්ලබු කොල ඩෙංගු ප්‍රතිකාරය ගැන අපේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාමුද ? මේක පුළුවන්තරම් ප්‍රසිද්ද කරමු. ජීවිත කීයක් මේකෙන් බේර ගන්න පුළුවන් වෙයිද ? ඔක්කොම බ්ලොග් යාළුවන්ටත් කියමුද මෙහෙම කරන්න කියලා ?

    ReplyDelete
  29. @Hasitha
    මුලුන්ම මට මේක හම්බුනේ යූ ටියුබ් එකෙන් අයියෙ

    @Nuwan
    තෑන්ක්ස් අයියේ

    @දුමී
    අනිව අයියෙ අද ගෙදර අපු ගමන්ම ලියන්නම්

    ReplyDelete
  30. මරු කොල්ලො. සින්දුවනම් පට්ට. හැබැයි උඹට වගේම මටත් ක්ලැසිකල් එක තමා අල්ලලා ගියේ. එකෙන් හදවතට දෙන හැඟිම රොක් එකෙන් ගන්න බෑ.

    ReplyDelete
  31. අනිව අයියෙ ඒකෙ මාරම ගතියක් තියෙන්නෙ....ප්‍රතිචාරයට බොහොම ස්තූතියි

    ReplyDelete
  32. MATH OYA WAGE HADISSIYATA MEKA AHUWE>> BT AHUWATA PASSE PISSU WATILA INNE ME FEMALE VOICE EKATA>> KOCHCHARA AHUWATH EPA WENNE NA>>>> MAN DAN MEKA 50 PARAKATA WADA AHUWA ADA DAWASEMA MAN AHUWE ME SONG EKA WITARAMAI>> IYETH EHEMAI>> HETATH EHEMAI>> KOCHCHARA AHUWATH EPA WENNE NA>> :)

    ReplyDelete