July 20, 2010

ඩෙංගු මාරයා පරදමු

මේ දවස් වල හරියට ඩෙංගු පැතිරිලා යන හින්ද අපේ දුමී අයිය ඩෙංගු උණට මරු ට්‍රික්ස් එකක් හොයාගෙන තිබ්බා. හබැයි මේකට ගමේ ගොඩේ නිතරම තියෙන ලබු ගහක් ඕන වෙනව. මොකද මේක කරන්න ල බු ගෙඩි නෙමේ ලබු කොලෙයි ගන්නෙ garupale ලබු කොල වල ඉස්ම ඩෙංගු හැදිච්ච කෙනෙක්ට දෙන එක තමයි මේ ප්‍රතිකර්මය. මේක විද්‍යාණුකූලවත් ඔප්පු වෙලා තියෙනව වගේම භාවිත කරපු අසාධ්‍යතත්වයේ රෝගීන්ට උනත් ඉක්මන් සුවය ලැබී තිබීම සාධනීය කරුණක්. ඉතින් මොකුත් නොකර බලන් ඉන්නවට වැඩියෙ මේ වගේ දෙයක්වත් කරල අහින්සක ජීවිතයක් බේර ගන්න පුලුවන්උනොත් කොච්චර දෙයක්ද?

ගස්ලබු කොල ඉස්ම හදාගන්න පුළුවන් මේ විදිහට,

1) ගස්ලබු කොල දෙකක් ගන්න
2) ඒවා පිරිසුදු වතුරෙන් පමනක් හෝදාගන්න
3) ඒවායේ නාරටි, දඬු වගේ දේවල් ඉවත් කර කොලය පමනක් සූරා ගන්න
4) එම කොල ටික පොඩි බෙහෙත් වංගෙඩියකට හෝ එවැනි දෙයක් භාවිතා කර හොඳින් තලා ගන්න
5) ඉන්පසු පිරිසුදු රෙදි කැබැල්ලක් භාවිතා කර ඉස්ම බේරා ගන්න

මේ ආකාරයට ගස්ලබු කොල ඉස්ම මේස හැඳි දෙකක් පමණ සාදා ගත හැකි යැයි පවසණු ලබනවා. එය රෝගියාට උදේ හවස දීමෙන් ඩෙංගු රෝගීන්ව ඉක්මනටම සුවපත් කල හැකි වේ යැයි පැවසෙනවා garupale

මේ ගැන තවත් හොදට දුමී අයය වගේම අනිත් සහෝදරයොත් ලියල තියෙනව garupale ඒගේම අපි සිංහල බ්ලොග් ලියන අය හැටියට මේක කැම්පේන් කරමුද ? අපි හැම එක්කෙනාම මේ බෙහෙත ගැන තමන්ගෙ බ්ලොග් එකේ පෝස්ට් එකක් දැම්මොත් තව වැඩිපුර එක්කෙනෙක් හැරි ඒක දැකල ජීවිතයක් බේරුනොත් කොච්චර හොඳයිද ? දාමුද හැම එක්කෙනාම මේක ගැන පෝස්ට් එකක්. මගෙ පෝස්ට් එකෙන් ඕන දෙයක් පිටපත් කරගන්න. අපි සමාජය දැනුවත් කරමු කරුණාකරල

බී.අයි.ටී හරි , මදුරු තෙල් හරි ගහනකන් බලාගෙන ඉන්නෙ නැතිව අපිට ජීවිත කීපයක් හරි බේරගන්න පුළුවං උනෝතින් ඒක තමා සිංහල බ්ලොග් කරුවන් විදිහට අපිට කරන්න පුළුවං ලොකුම සද්කාරිය.

11 comments:

  1. අනේ බන් මලයෝ , වෙනස් කරහන් ඔය මාතෘකාව .... , මොනාවුනත් ලිපිය දැම්ම එකනම් ලොකු දෙයක් .....

    ReplyDelete
  2. @හිගන්නා
    ලැජ්ජාවෙ බෑ :D

    ReplyDelete
  3. සුබ අරංචියක්... :D

    ReplyDelete
  4. මොකද්ද මාතෘකාවෙ තියෙන අවුල????

    ReplyDelete
  5. වටින ලිපියක්..

    ReplyDelete
  6. @අනුරාධ
    කලින් තිබ්බෙ මේක නෙවේ. ඒක දැක්ක නම් මට බැනලයි යන්නෙ :D

    @Ansh
    තෑන්ක්ස් අක්කි


    ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි

    ReplyDelete
  7. මේ ක්‍රමෙ හරියට හරි කියල ෂුවර්ද?

    ReplyDelete
  8. @අච්‍චා
    මේක කරපු හැමෝටම වගේ සාර්ථක වෙලා තියනවලු

    ReplyDelete
  9. පොඩි හසියාගේ සමාජ මෙහෙවරට මගේ ප්‍රණාමය :)

    ReplyDelete
  10. හෝ....හෝ... මමත් අහලා තියෙනවා ඔය කතාව නම්,
    හැබැයි ඇත්ත ද කියල නම් දන්නෑ,

    ඒත් හොදයි දන්න දේ අනිත් අයටත් කියපු එක.

    ReplyDelete