July 4, 2010

උසස් පෙළට ICT කිරීම හා කැම්පස් යාම

2009 වසරෙ ඉදල උසස් පෙළ විශය නිර්දේශය සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ශණය (Information and Communication Technology) ප්‍රධාන විශයක් විදියට හදුන්වල දීල තිබුනත් ඒ සදහා ඉදිරිපත් වන සිසුන් සංඛ්‍යාව නම් ප්‍රමාණාත්මකව පහල අගයක තමයි තියෙන්නෙ. මේකට ප්‍රධාන වශයෙන්ම සිසුන් මෙවැනි විශයක් ගැන දැනුවත් නොවීමත්,විශය සදහා සිසුන් ඉදිරිපත් කිරීමට පාසල් වල ඇති අකමැත්තත් (සිසුන්ගේ ලකුණු අඩුවේයැයි යන මතය) මූලිකව බල පානවා

නමුත් තොරතුරු තාක්ශණය ඕනෑම විශය සංකලනයක් සමග හැදෑරිය හැකි නම්‍යශීලී විශයක් වගේම ගණිත අංශයෙන් හැදෑරීම මගින් විශ්ව විද්‍යාල පාථමාලා රාශියක් විවර වෙලා තිබුනත් ගොඩ දෙනෙකුට තියෙන මූලිකම ගැටලුවක් තමයි තොරතුරු තාක්ශණය හැදෑරීම මගින් තමන්ට අනාගතයේ මොනවගේ විශ්වවිද්‍යාල පාථමාලා හදාරන්න පුලුවන්ද වෙයිද කියන එක නමුත් මුලින්ම කියන්න ඕන දෙයක් තමයි රසායන විද්‍යාව වෙනුවට තොරතුරු තාක්ශණය කරල ඉන්ජිනේරු පාථමාලා නම් හදාරන්න බැහැයි කියන එක මොකද නිකන් ඉන්ජිනේරුවෙක් වෙන්න නම් අනිව රසායන විද්‍යාව කරන්නම ඕන. ඒත් මෘදුකාංග ඉන්ජිනේරුවෙක් වෙන්න නම් මේ හොදටම ඇති

ගණිත අංශයෙන් තොරතුරු තාක්ශණය හැදෑරීම තුලින් කරන්න පුලුවන් විශ්වවිද්‍යාල පාථමාලා,

35) පරිගණක විද්‍යාව (Computer Science)
36) තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය (Information & Communication Technology)
43) ප්‍රමාණ සමීක්‍ෂණය (ගොඩනැගිලි ආර්ථික විද්‍යාව)
(Quantity Surveying (Building Economics))
44) මැනුම් විද්‍යාව (Surveying Science)
45) නගර හා ග්‍රාම නිර්මාණය (Town and Country Planning)
46) නිර්මිත පරිසරය/වාස්තු විද්‍යාව (ගොඩනැගිලි ආර්ථික විද්‍යාව) / මෝස්තර
නිර්මාණ ශිල්පය (වාස්තු විද්‍යාව) (Architecture/Built Environment)/Design(Architecture)
47) විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය (Fashion Design and Product Development)
49) පහසුකම් කළමනාකරණය (Facilities Management)
54) ව්‍යාවසායකත්වය හා කළමණාකරණය (Entrepreneurship & Management)
58) කාර්මික තොරතුරු තාක්ශණය (Industrial Information Technology)

මේවට අමතරව කරන්න පුලුවන් තවත් පාථමාලා තියෙනව.මේ හැම එකක්ම මෙතනින් ගිහිල්ල චක්‍රලේඛණයෙන්ම බලාගන්න පුලුවන්

8 comments:

  1. අයියෝ මචන් මේක මීට කලින් දැම්මනම් මටත් කරන්න තිබ්බා

    ReplyDelete
  2. @ගයාන්
    අයියෝ අපරාදෙ බන් :(

    ReplyDelete
  3. @පවිත්‍ර
    එල කිරි මචන්

    ReplyDelete
  4. කොමස් කරද්දි මේක කරන්න බැරිද?

    ReplyDelete
  5. "මේකට ප්‍රධාන වශයෙන්ම සිසුන් මෙවැනි විශයක් ගැන දැනුවත් නොවීමත්,විශය සදහා සිසුන් ඉදිරිපත් කිරීමට පාසල් වල ඇති අකමැත්තත් (සිසුන්ගේ ලකුණු අඩුවේයැයි යන මතය) මූලිකව බල පානවා "

    මූලිකම හේතුව මේක නෙමේ හසිත.ගොඩාක් නගරෙන් එපිට පාසල් වල මෙම විශයට අවශ්‍ය ගුරුවරු නැති වීමත්.දරුවන්ට පාසලේ පරිඝනකයට හා අන්තර්ජාල පහසුකමට පමනක් සීමා වී කටයුතු කරන්න සිදු වන බව මා අත්දැකීමෙන් දන්න දෙයක්.
    ඒත් මෙම ලිපිය කියවන වලට එන ඕනෙම කෙනෙක්ට මම කියන්නෙ පරිඝණකයට බය වෙන්න එපා.හුරු උනාම ඒක හොදම යාලුවෙක් කියලයි.අයි.ටී වල ඕනම පාසල් විශය නිර්දෙශයක් ගැන ගැටලු තිබ්බොත් මම උදව් කරන්න ලෑස්තියි.

    nipunadk@gmail.com
    (ඩී.කේ චාමින්ද නිපුන- දුරස්ථ අධ්‍යාපන නවීකරන වැඩසටහන DEMP-ICDL නියොජිත ගුරු උපදේශක 2009/2010)

    ReplyDelete
  6. අනිව අයියෙ ගොඩක් ළමයිට වඩා මේකට ගුරුවරුයි දෙමව්පියොයි බය...අනික ළමයි කැමති උනත් ඒ දෙගොල්ල හින්දත් මේක නොකර ඉන්නව.සම්පත් අඩු කමත් ලොකු පාඩුවක්

    බොහොම ස්තූතියි අයියෙ කමෙන්ට් එකට..ඒ වගේම ගැටලු වලට උදව් කරන්න ඉදිරිපත් වීම ගැනත් :)

    ReplyDelete