July 5, 2010

Ubuntu පවුලේ සාමාජිකයෝ



හැමෝම ඉතින් උබුන්ටු ගැන නම් දන්නවනෙ. ඒත් අද මන් ෆේස් බුක් එකේ චැට්
කර කර ඉන්න කොට සමීරය මට ලින්ක් එකක් දුන්න. ඉතින් මාත් ගිහිල්ල බැලුව මොකක්ද මේ කියල garupale ගිහිල්ල බැලින්නම් මේක කිරි ටොයියෙක්නෙ garupale මේකෙ නම ලුබුන්ටු(Lubuntu). උබුන්ටු පව්ලෙ සාමාජිකයෙක්.මේක හදල තියෙන්නෙ උබුන්ටු වලට LXDE(Lightweight X11 Desktop Environment) එකතු කිරීමෙන්. ඉතින් මේක දැක්කට පස්සෙ මට හිතුනා උබුන්ටු පවුලෙ ඉන්න අනිත් සාමාජිකයො ගැනත් පොඩ්ඩක් හොයල බලල ඒ ගැන පොඩි සටහනක් දාන්නgarupale

Ubuntu Server Edition
මේක ගැනත් ඉතින් හැමෝම දන්නවනෙ. සර්වර් පරිගණක සදහා භාවිත කරන්න පහසු වන විදියටයි මේක හදල තියෙන්නෙ,මෙමගින් ඊ මේල් හසුරුවන්න,ජාලයෙ ප්‍රින්ටර් හසුරුවන්න,ෆයිල් සර්වරයක් විදියට ක්‍රියා කරවනව වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්

Kubuntu
කුබුන්ටුත් සාමාන්‍යයෙන් ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි සාමාන්‍ය උබුන්ටු වල තියෙන Gnome පරිශීලක අතුරුමුහුණත වෙනුවට KDE යොදල තියෙන එක.එහි ඇති මනරම් බවත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට ඇති සමාන කමත් නිසා ලිනක්ස් වලට නවකයෙකුට මුලින්ම භාවිතා කරන්න පුලුවන් ඩෙක්ස්ටොප් එන්වයමන්ට් එකක් විදියටත් KDE හදුන්වන්න පුලුවන්. කට්ටියට මතකත් ඇතිනෙ මාත් කුබුන්ටු වලට වහ වැටිල කුබුන්ටු දාල ෆුල් නිදහස් වෙච්ච සිද්ධිය එහෙම garupale

Xubuntu
මේ මෙහෙයුම් පද්ධතියට භාවිත කරල තියෙන්නෙ Xfce කියන ඩෙක්ස්ටොප් එන්වයමන්ට් එක. මේකෙ තියෙන විශේෂත්වයක් විදියට මේක හදල තියෙන්නෙ අඩු කාර්යක්ශමතාවක් ඇති පරිගණකයකට උනත් හොදට වේගවත්ව හා කාර්යක්ශම විදියට කියා කරන්න පුලුවන් වෙන්න

Lubuntu
මේක තමයි අද මට හම්බුන කිරි ටොයියා.මෙයා නිසා තමයි මේ පපෝස්ට් එක දාන්නත් අයිඩියා පාරක් ආවෙ. garupale මේ මෙහෙයුම් පද්ධතිය LXDE ඩෙක්ස්ටොප් එන්වයමන්ට් එක සහිත අඩු සම්පත් භාවිත කරන නමුත් ක්‍රියාශීලී ගින්දර වගේ බඩුවක්.

Edubuntu
මේක ඇවිල්ල අපි වගේ ඉගෙනගන්න පොඩි කොල්ලන්ව ඉලක්ක කරල හදපු අංගසම්පූර්ණ ලිනක්ස් පාදක කරගත් මෙහෙයුම් පද්ධතියක්.නමෙන්ම ඒක පේනවනෙ garupale මේ තුළ අධ්‍යාපනික මෘදුකාංග රාශියක් අන්තර්ගතයි. මේක අපේ සසිත් කොල්ල නම් පාවිච්චි කරනව් ද කොහෙද...මොකද සසිතය තමයි මට මුලුන්ම මේක දාල බලන්න කිව්වෙ garupale

Ubuntu Studio
මල්ටිමීඩියා කටයුතු සදහා ඇති අනගි උබුන්ටු පාදක පද්ධතියකි

Mythbuntu
උබුන්ටු හා Myth TV මූලික කර ගත් මීඩියා සෙන්ට ඕ.එස් එකක් විදියට හැදින්විය හැක

Ubuntu Mobile
උබුන්ටු මොබයිල් මෙහෙයුම් පද්ධතිය නිශ්පාදනය කරල තියෙන්නෙ විශේෂයෙන්ම ජංගම උපාංග සදහායි

Ubuntu Netbook Edition
මේ උබුන්ටු සංස්කරණය තියෙන විශේෂත්වය තමයි ඇටම් නෙට් බුක් (Atom Netbook) පර්ගණක සදහා නිශ්පාදනය කර තිබීම.උබුන්ටු නෙට් බුක් සංස්කරණයෙ මුල්ම නිකුතුව සිදු වුනේ 2008 වසරෙ.එතැන් පටන් මේ දක්වා සිදු උනු සෑම උබුන්ටු නිකුත්කිරීමක් සමගම මේ මෙහෙයුම් පද්ධතියෙත් නව සංස්කරණක් ඉදිරිපත් කෙරෙනව

මේවට අමතරව Gobuntu සහ Ubuntu JeOS යන මෙහෙයුම් පද්ධතිත් උබුන්ටු පවුලෙම සාමාජිකයො දෙන්නෙක් hah

ඩෙබියන් මෙහෙයුම් පද්ධතිය පාදක කරගෙන උබුන්ටු නිපදවල තියෙනව ව්ගේම උබුන්ටු පවුලෙ සාමාජිකයන්ට අමතරව උබුන්ටු පාදක කර හත්ත මෙහෙයුම් පද්ධතිත් විශාල ප්‍රමණයකුත් හිතේ හැටියට තෝර ගන්න තියෙනවා.....මේකෙනුත් නිදහස් හා විවෘත මෘදුකාංග වල තියෙන තෝරාගැනීමේ නිදහස එලකිරි වගේ ඔප්පු වෙනව නේද? hah

13 comments:

  1. එල එල මම නම් පාවිචිචි කරන්නේ මින්ට් ලිනක්ස්-8 (හෙලේනා)

    ReplyDelete
  2. හි හි හී මෙන්න මූ මගේ ගැනත් දාලා....
    මටත් එකක් ලියන්න හිතිලා තියෙන්නෙ එත් ලියන්න(මලවන්න )දෙයක් හිතා ගන්න බෑ.
    මමත් ලුබුන්ටු ඩෙස්ක්ටොප් එක විතරක් උබුන්ටු වලට දැම්මා. ස්පීඩ් එක හොද්යි

    ReplyDelete
  3. @හසියා
    මන් මින්ට් ලිනක්ස් නම් පාවිච්චි කරල නෑ...පොඩි ට්‍රයි පාරක් දාල බලන්න ඕනෙ

    කමෙන්ට් එකට ස්තූතියි අයියෙ

    @සමීර
    මන් දැක්ක උබේ බ්ලොග් එක...අඩෝ ලියපන් බන් මොනවහරි...දෙන්නම් ෆුල් සප් එක

    ReplyDelete
  4. එල එල ඔතනින් කීයක් ටෙස්ට් කරල තියෙනවද?

    ReplyDelete
  5. දෙකයි බන් ටෙස්ට් කරල තියෙන්නෙ...මන් මේ ටිකක් හොයල බැලුවා...පස්සෙ වෙලාවක ටෙස්ට් කරන්න බැරියැ ;)

    ReplyDelete
  6. ඔය එල් එක්ස් ඩී එන්වයරන්මන්ට් එකෙ තමා මට මතක විදිහට පපී ලිනක්ස් සහ ක්නොපික්ස් තියෙන්නෙ...එව්වයෙ තියෙන සමහර ඇප්ලිකේශන් මාරම ස්පීඩ් සී ඩී එකෙන් බූට් කලත් බඩු වැඩ බබා වාගෙ...මම ලඟ තිබුන එක ක්නොපික්ස් එකක තමා මම මුලින්ම අර සින්දුව උඩට මවුස් පොයින්ටරේ ගෙනිච්චම ප්ලේ වෙන ඔප්ශන් එක දැක්කෙ...
    සමහ මැශින් වලට ඔය සමහර ඩෙක්ස්ටොප් දිරවන්නෙ නෑ...උදා..ජී නෝම් වලට සපෝට් නැති මැසින්...කේඩී වලට සපෝට් නැති මැසින් මම දැකල තියනව..

    ReplyDelete
  7. 500Mz, 128/256MB වගේ හද්ද පරණ යන්තරේකට දාන්න හොඳ ලිනක්ස් ඩිස්ට්‍රො එකක් කියන්න පුලුවන් ද. ගොඩ ගන්න පුලුවන් පරණ මැසිමක් තියෙනව :D

    ReplyDelete
  8. @indi
    ඔව් LXDE අනිත් එන්වයමන්ට්ස් වලට වැඩිය වේගවත් කියලයි මටත් දැනගන්න හම්බුනේ...කමෙන්ට් එකට බොහොම ස්තුතියි :)

    ReplyDelete
  9. @කොඩී
    ස්ලිටාස්,DSL,පපී ලිනක්ස් වගේ ඒව පාවිච්චි කරන්න පුලුවන්

    ReplyDelete
  10. @දනුක
    තෑන්ක්ස් අයියේ :D

    ReplyDelete
  11. බලනකොට උබුන්ටුත් හරි සංකීර්ණ පවුලක් නෙ

    ReplyDelete
  12. @NUWAN
    ඒකනෙ අයියෙ කියන්නෙ...මාත් මෙච්චර බර පවුලක් තියනව කියල දන්නෙ මේක ලියන්න කරුණු හොයද්දි

    ReplyDelete