August 26, 2010

මාරයි


ලෝකය කැරකෙයි
උදේ දවල් වෙයි
තිරයක් ඉදිරියෙ
ඉදගෙන ලතවෙයි

කාලය ගෙවියයි
දවල්ද රැය වෙයි
කාලය ගෙවුනත්
තවමත් එතනයි

ජීවිතෙ මෙයදැයි
විටකදි විමසයි
වෙනසක ඇරබුම
කෙදිනැයි කොතනැයි

මේ දවස් වල මට ඔය සන්තෑසිය තමා වෙලා තියෙන්නෙ garupale

11 comments:

  1. හපොයි මලේ.......
    කොලුව මං දවල් ඔය ගැන ඇහුවම නැතැයි කිව්ව......... හොර පොඩ්ඩා.....

    ReplyDelete
  2. මිතුරන් සෙට්වෙයි
    කතා බහ කරයි
    ගහ බැන ගයි
    ආයේ යාළු වෙයි....

    බ්ලෙග් කියවන්නයි
    කොමෙන්ට් කරන්නයි
    රස වැඩ එහිදී සිදුවෙයි
    හිනා වෙලා පණටික යයි....

    අපිටත් ඔහෙට වගේ
    වෙලා තියෙන්නේ මලේ
    ගණන් ගන්නෙපා අනේ
    ජොලියේ ඉමු ඉන්න ටිකේ.....

    කරනා වැඩ ටික පිළිවෙලට
    කරතොත් නරකද අදම
    වැට බැන්දොත් ඉගෙනුමට
    දුක් වන්නට වෙයි මතු දින

    ReplyDelete
  3. මමත් ඉතින් ඔය බෝට්ටුවෙම තමා:D ලස්සන පද ටික...

    ReplyDelete
  4. හික් මටම ලියලද මන්ද?අපේ ගොඩකගෙ ජීවිතේ දැන් ඕක වෙලා මල්ලි.පරිගණකය සහ නිශාචර ජීවිතය

    ReplyDelete
  5. @හා පැටික්කි (MS)
    හෙහේ... මාර අප්සැට් එක අක්කා.. මාර කම්මැලී නොවැ :D

    @෴ හසියා ෴
    අනිව අයියෙ... මේකට කවියක් ලියන්න ගියාට හරියන්නෙම නෑනෙ :/

    @හසී
    හෙහේ අක්කත් ඉතින් ඔහොම නොවී පුලුවන්යැ :D

    @පුබුදුවා
    ඒකනෙ අයියෙ කියන්නෙ..දුක තමා :(

    ReplyDelete
  6. හප්පේ මලේ.. මෙහේ තත්වයත් එසේමයි!

    ReplyDelete
  7. පරිගණකය තුල
    ජීවිත හිර කර
    ගෙවනා මේ දිවි
    කවදා නිම වෙද?

    හොදටම කම්මැලි
    වෙනකොට බ්ලොග් එක
    ඕපන් කරගෙන
    කොට කොට බොත්තම

    ඒකෙත් බැලුවම
    වැඩි වෙනසක් නැත
    තමන්ගෙ වැඩ ටික
    කරගෙන ඉමු අප

    ReplyDelete
  8. සහතික ඈත්ත මලයෝ .....මේකෙ ඉස්සරහ වාඩි උනාම කන්න ඕන නෑ.,වෙන මොකුත් දන්නෙත් නෑ,රෑ වෙනව නිදා ගන්න එහෙම ඕන නෑ.ඈබ්බෑහි වෙනවා කියන්නේ මේකට වෙන්න ඈති

    ReplyDelete
  9. @ළමයා,හිඟන්නා
    ඒකනෙ අයියල කියන්නෙ....හැම තැනම මේ වගේ :D

    @අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
    සැබෑ දිවියෙ මට
    මිතුරන් නැති කල
    මේ තුල සිරවී
    ඉන්නයි කැමතිම

    බොහොම ස්තූතියි ප්‍රටිචාරයට

    @NUWAN"s lane
    ඒකනෙ අයියෙ....අනිව අපිත් මේකට ඇබ්බැහිම වෙලා තියෙන්නෙ දැන් :/



    ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි

    ReplyDelete
  10. ඇබ්බැහි වීමද ???
    එක අතකට මාරයි ???
    දැන ගතයුතු දේ ...
    ගුගල් විමසයි ...
    නැවතත් පැමිණෙයි ...
    ටිටුටය ඉවරයි ...
    විද්‍යුත් ලෝකය ...
    මා සිත් කළඹයි ...

    කෝඩ් එකක දිග ඇරගත්තාම දවසම හරි :).ආයෙ ඉතින් හවස් උනා දැනෙන්නෙත් නෑ.කන්න ඕනෙත් නෑ.(හික්ස්) IT කරන ගොඩක් අයගෙ ජීවිතේ ඔහොම තමයි මලය.මුලදි ටිකක් අමාරුයි එකම තැනකට වෙලා ඉන්න :( .ඒත් පස්සෙ මොනිටරය ලගින් හෙළවෙන්නෙත් නෑ :)
    .එක අතකට අපිට පිස්සු හැදෙන්නෙ නෑ පුදුමයි .. :D

    ReplyDelete