August 29, 2010

මොකෝ කියන්නෙ?

අපේ ලොකු සීය තමයි ඉස්සර මට කවි කතන්දර වැඩි හරියක් කියල දෙන්නෙ. පොඩි කාලෙනම් මන් වැඩිහරියක් හිටියෙ ලොකු සීයලගෙ ගෙදර. එහෙ ගියාම මට අම්බානට සැලකුම්. මොකද පොඩි එකෙකුට කියල හිටියෙ මන් විතරනෙ. ඒ කාලෙ නම් මරු. මන් වැඩියෙන්ම එහෙ යන්නෙ ලොකු ආච්චි මට කජු හදල දෙන හින්ද .මොකද මන් එදත් අදක් කවදත් කපු කන්න නම් මාරම ආසයි. මන් එහෙ ගියාම අනිව මාව නාවනව(එහෙ මරු ලිදක් තියෙනව) නාල කෑවට පස්සෙ ලොකු සීය මට අනිව ලස්සන කවි කතන්දර තේරවිලි කියල දෙනව. ඒ හින්දම වෙන්න ඇති මන් පොඩි කාලෙ ඉදලම ඒ දෙන්නට හරිම ආදරෙයි. කොටින්ම ඒ දෙන්නට මන් කිසිම ජල්බරි වැඩක් කරලත් නෑ


ජල්බරි වැඩ කරල නෑ කිව්වෙ, මන් පොඩි කාලෙ හෙන මැර කේස් එකක්. එක පාරක් අපේ අයිය කෙනෙක්ව ඉබින්න ඕනෙ කියල ලන්වෙලා මෑන්ගෙ කනේ පලුවක් වෙන් නොවී බේරිලා තියෙන්නෙ නූලෙන්. නිවාඩුවකට අයියලෑ ගෙදර ගිහින් (අයිය කිව්වට මාමා වෙන්නෙ හරිනම්) මෑන් මට එලොව පොල් පෙන්නල ලිමුලක් ලියල තියෙල තනියම ගෙදර ඇවිල්ලත් තියෙනව. අපේ ඉස්කූල් වෑන් එකේ හැම එකාටම දේශපාලනේ ඉගැන්නුව, අනිව හැමදාම වගේ පිටිපස්සෙ සීට් එකේ ගහගන්නව කාත් එක්ක හරි. එක පාරක් කොල්ලෙක් එක්ක ගහගෙන උගෙ මූන හපල හෙන කේස් එකකුත් ගියා.
ඔය කේස් හින්ද අපේ වෑන් අන්කල් මට සද්දෙ දාන්න ඇවිල්ල....වෑන් අන්කල්ටත් බැනල, අන්තිමට එයාවත් මට මොකුත් කියන් නෑ. කොහොම හරි ඒ කාලෙ විනාඩි 5 කාත් එක්කවත් එල්ලෙන් නැතුව ඉන්න බෑ එක්කො බනිනව නැත්තන් කෙල ගහනව ගහ ගන්නව නැත්තන් මොකක් හරි ලොවෙත් නැති ජල්බරි වැඩක් කරනව. කොහොමහරි මේ හැම දේම කලේ 5 වසර 6 වසර වෙනකන් විතරයි. දැන් නම් පොඩි කාලෙ මාව දන්න කෙනෙක් දැක්කම අහන්නෙ මේ ඒ පොඩි එකාමද කියල. හික්!

මෙච්චර වෙලා බයිලනෙ කෙලියෙ... දැන් ආයිත් මාතෘකාවට, ලොකු ආච්චි නැති උනාට පස්සෙ. මම එහෙ හෙන අඩුවෙන් යැවෙන්නෙ, ගියත් විනාඩි 10කට වඩා ඉන්නෑ. කොහොමහරි අද ලොකු සීය අපේ ගෙදර ආව ඒ වෙලාවෙ මගෙන් තේරවිල්ලක් කියල ඇහුව තෝරන්න පුලුවන්ද කියල. මාත් හෙන ට්‍රයි එකක් දැම්ම මේ මොක්කද කියන්නෙ කියල තෝරන්න.. ම්හ්.. ඒත් ඒක එන්නෙම නෑනෙ. සීය මගෙන් ඇහුව තෙරවිල්ල තමයි,

ඇස් දහයකි අට බැල්මකි දෙකක් කණා
පය දහයකි අට පයකින් ගමන් යනා
මෙපස් දෙනෙකි පණ හතරකි ඇති සොබනා
තෝරාපන් දැන් හැකි නම් මේ කුමනා


කොච්චර ට්‍රයි කලත් මට නම් මේක ගොඩ දා ගන්න බැරි උනා. අන්තිමට ඉතින් සීයගෙන්ම උත්තරේ අහන්න තමයි උනේ. ඉතින් මට හිතුන අමුනල කරල මේක ඔයාලගෙනුත් අහල බලන්න. වැඩ්ඩෙක් ඉන්නවනම් කියන්නකො බලන්න උත්තරේ මොකක්ද කියල.මොකද කියන්නෙ? පුලුවන්ද කාටහරි මේ මොකක්ද කියල හරියටම කියන්න?

10 comments:

  1. මළ මිනිය නේ බං !
    අපි නොදන්න දේවල් තියනවද බොල !!

    ReplyDelete
  2. මල මිනියක් ඔසවාගෙන යන එකක් නේද මේ කියන්නේ... අපොයි..

    ReplyDelete
  3. උත්තරේ ඔය උඩ ඈයෝ දාලා තියෙන්නේ....
    උඹටත් අමුනලා කොරල එක එක ඒවා ඔළුවට එනවා නේද....හොදා හොද...අපේ ජූනියර් පොඩ්ඩනේ....

    ReplyDelete
  4. කස්ටිය උත්තරේ දාලානෙ ඉතින්.මලයො මාත් එයාලා කියන එකම තමයි හොදේ

    ReplyDelete
  5. කාටද පුලුවන් පිළිතුරු කවිය කියන්න.... අන්දරේ කියපු කවිය මතකද..?

    ReplyDelete
  6. @Bhagya රාජපක්ෂ
    අයියෝ උබ ගම කෑවනෙ බොල

    @වත්
    හ්ම් හ්ම්..අක්කෙ :/

    @෴ හසියා ෴
    හෙහේ..ඒකනෙ කියන්නෙ.. තාම අපි ටෙස්ටින් නොවැ :D

    @පුබුදුවා
    එල එල..අයියෙ අර හෙල්ප් එකට ගොඩක් තෑන්ක්ස් :-)

    @ඉදුවර
    ඒ ඒක නම් දන්නෑ බන් :/

    ReplyDelete
  7. ඈ උබත් එහෙනම් ඒ කාලේ මැරයෙක්... ??? හික් හික්...

    උත්තරේ ඔය උදේ පාන්දරම දීල නේ බන්... හි හි

    ReplyDelete
  8. මේ වගේ දෙයක් දාන කොට කමෙන්ට්ස් මොඩරේට් කරන්න දාන්න. දවසකට විතර පස්සේ approve කරන්න.

    ReplyDelete
  9. ඔය තෝරලා තියෙන්නේ අපුරුවට

    ReplyDelete
  10. ෂහ් කට්ටිය උත්තරය දුන්නට මොකද මම නම් හරිම රසයක් වින්දා කථාවෙන් මලේ....

    ReplyDelete