March 31, 2010

ඔන්න අපිත් දැන් සින්ඩියෙ

මගේ බ්ලොග් එකත් සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කර ගත්ත කියල කාලිංග අයියගෙ ඊ මේල් එක දැක්ක වෙලාවෙ ඉදල මට මාරම සතුටුයි. මොකද මාත් දැන් අභිමානනීය සිංහල බ්ලොග් ලියන්නෙක් නෙවැ!
ඒ වගේම මම කාලිංග අයියා ඇතුලු සින්ඩියේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මගෙ කුලුදුල් බිලොග් අඩවිවිය පළමු දිනම සින්ඩියට එකතු කිරීම ගැන.

March 30, 2010

අලුත් ගමනක ඇරබුමයි මේ..

ආයුබොවන්! මම හසිත ජයසූරිය. මටත් හිතුන සින්හලෙන් බ්ලොග් එකක් ලියන්න.ඔන්න ඉතින් අද මම හා හා පුරා කියල වැඩේ නම් පටන් ගත්ත.
මන් ගැන කියනවනම් දැනට මම කොළඹ ආනන්ද විද්‍යාලයෙ ශිශ්‍යයෙක්. දැනට නම් අපොස සාමාන්‍ය පෙළ(O/L) විභාගයට මූන දීල ප්‍රතිඵල ඇවිල්ල මූන නැතිවෙනකන් තමයි බලන් ඉන්නෙ. ඒ මොනව උනත් වෙලාවක් හම්බුනු හැම වෙලාවකම හිතේ තියන අදහස බ්ලොග් එකේ ලියල දාන්න තමයි මන් හිතන් ඉන්නෙ.
ඉතින් ඔයාලටත් ඔයාලට පුලුවන් හැම වෙලාවකම මගෙ බිලොග් එක කියවල ඔයාලගෙ අදහස් ලියල යනවනම් නවකයෙක් විදිහට මගෙ වැරදි හදාගෙන ඉදිරියට යන්න ඒක මට ලොකු ශක්තියක්ම වේවි…