April 16, 2010

On-Line ඉගෙන ගම්මුද?


මම අද කියන්න යන්නෙ ඉගෙන ගන්න කට්ටියට ගොඩක් වැදගත් වෙන වෙබ් සයිට් එකක් ගැන garupale ගොඩක් අය මේ සයිට් එක දන්නවත් ඇති.ඒත් ඉතින් නොදන්න අයට නම් මේක ගොඩක් වැදගත් වෙයි.මේ සයිට් එකේ නම Alison.com මේකෙ විවිධ ක්ෂේත්‍ර ගැන අපිට ගොඩක් හොද පාඨමාලා නොමිලේම ඉදිරිපත් කරල තියනව garupale ඒ පාඨමාලා වල ගුණාත්මක භාවයත් ඉතාම ඉහල මට්ටමක තියෙන විදිහට තමයි නිර්මාණය කරල තියෙන්නෙ

මම මේ දවස් F.I.T. එක්සෑම් එකට සූදානම් වෙන හින්ද මන් ඉස්සෙල්ලම කරන්න තෝරගත්තෙ මයිකෝසොෆ්ට් ඔෆීස් 2003 පාථමාලාව garupale ඒක ඇක්ටිවිටීස් එක්ක කරන්න තියෙන්නෙ කොටින්ම එකේ තියෙන ඔෆීස් පාඩම් UCSC FIT LMS එකේ තියෙන පාඩම් වලට වඩා ගොඩක් ඇක්ට්ව් විදිහට කරන්න පුලුවන් garupale

Alison.com සයිට් එකේ මේ වගේ විශය ක්ශේත්‍ර රාශියක විවිද පාථමාලා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරල තියෙනව.ඉතින් ඔයාලත් මෙතනින් සයිට් එකට ගිහිල්ල අදම වැඩ පටන් ගත්තොත් නරකද?

April 14, 2010

කිරි ඉතිරේවා...නව වසරේ...


ලැබුවා වූ නව වසර සාමය සෞභාග්ය පිරි සියලු පැතුම් මල් ඵල දරන්නා සුභම සුභ නව වසරක්ම වේවා...

April 10, 2010

ඒකත් ඉවරයි!දැන් තමයි ගේම තියෙන්නෙ



මං මේ පෝස්ට් එක දාන්න හිටියේ ඊයෙ. ඒත් ඉතින් මොනව කරන්නද අද තමයි මට වෙලාවක් හම්බුනේ...අම්මෝ ඊයෙ අපේ O/L ප්‍රතිපල ආවනෙ! මාත් ඉතින් ඔන්න ඔහෙ පාස් වෙලා නම් තියනව. ඒකත් මහ කැත විදිහට. මට තියන්නෙ A2,B6,C1කුයි. ඒ මදිවට එක එක්කෙනා ප්‍රතිපල අහනවා. මට ඉතින් මල! ඇයි දෙයියනේ කට ඇරල කියන්නෙ කොහොමද A2යි කියල. එතකොට ඉතින් කියනවා ආනන්දෙට ගිහින් මෙච්චරද කියල?එතකොට ඉතින් විලි ලැජ්ජයිනෙ...ඒත් ඉතින් අපි පිස්සු නැටුවට ඉස්කෝලෙ පලිද?

බැලුවහම මේ ප්‍රතිපලෙත් අවුලක් නෑ.කොහොමහරි හැම එකටම සම්මාන තියනවනෙ. A/L නම් තිතට කරනවා!පිස්සු නටන් නැතුව හැමදාම ඉස්කෝලෙයි පන්තියි යනවා.එක අතකට O/Lවගේ නෙමෙනෙ A/L අමාරු උනත් කැමතිම සබ්ජෙට් තියන නිසා ආසාවෙන් කරනවා.ටයිම් ටේබල් එකක් හදල ඒකෙ විදියට වැඩ ටික කරන්න තමයි මන් හිතන්නන් ඉන්නෙ.මූනු පොතේ නම් පැත්ත පලාතෙවත් යන් නෑ(ඔය කිවුවට ලාවට වගේ දවසකට පාරක් දෙපාරක් විතර යැවෙයි).සින්ඩිය පැත්තෙනම් නිතරම රවුන් ගහන්න තමයි බලාපොරොතුව...මොකද ඉතින් I.C.T. ඉගෙන ගන්න මීට වැඩියෙ හොද තැනක් වෙන කොහෙද තියෙන්නෙ!

April 4, 2010

ටිමී.. මගෙ මල්ලිය




පොඩි කාලෙ ඉදල කට්ටියත් එක්ක සෙට් වෙලා ඉන්න තියෙනවනම් ඉතින් කොච්චර ජොලිද? ඒත් ඉතින් මට නම් දුකට සැපට අරකට මේකට හැම එකටම ඉන්නෙ මන් විතරයි. මොකද මන් තමයි ගෙදර දුවගෙයි පුතාගෙයි හැම චරිතෙකටෙම පණ පොවන්න ඉන්න එකම නලුව. සිටම සමගින් ජීවිතයේ දුක සතුට බෙදා ගන්නට ලැබීම මා නම් සලකන්නේ වාසනාවක් ලෙසයි.නමුදු ඒ වාසනාව බුක්ති වීදීමට නම් සහෝදර සහෝදරියන් ලැබීමට තරම් අප වාසනාවන්ත විය යුතුය.මට නම් කුඩා කාලයේ සිටම ඒ වාසනාව අහිමිව තිබුනේ මා අප පවුලේ සිටි එකම පිරිමි දරැවා වීම හේතුවෙනි.නමුදු දැන් නම් මා හට දුක හා සතුට බේදා ගැනීමට සහෝදරයකු සිටී.නමුදු ඔහු මා මෙන් මිනිසකු නම් නොවේ.සහෝදරයකු ලෙස මා සමගම කල්ගෙවනා ඔහු සුනඛයෙකි.

April 1, 2010

අලුත් මාසයක්..


ඔන්න ඉතින් අලුත් මාසෙකුත් පටන් ගත්ත.ඒ මදිවට අද පළවෙනිද බොරැවගෙ දවසලු. කට්ටියට හොද හොද ලනු හම්බවෙන්න ඇති නේද? මටත් කට්ටිය ලනු දෙන්න ආව වෙලාවට යාලුවක් උදේම “අඩෝ මචන්.. හැපි බර්ත් ඩේ” කියල මැසේජ් එකක් එවල තිබ්බා.
ඒක දැක්ක ගමන් නම් බැලුව මොකක්ද මේ කියන්නෙ කියල පස්සෙ මට වැඩේ මීටර් වුනා. එහෙම නොවෙන්න අද මට මාර පරිප්පුවක් තමයි කන්නෙ. (ඊට පස්සෙ වෙච්ච ඒව ඉතින් මෙතන කටක් ඇරල කියන්නෙ කොහොමද..හික්)
කොහොමින් කොහොමින් හරි ඒකත් ඉවරයි කියමුකො.එත් හෙට අනිද්ද දිහාට අපේ රිසාල්ට් එනවලු. අපොයි! විනාසයි!! මේ පාර අවුරැදු කාලත් ඉවරයි!

මොනව කරන්නද ඉතීන්...එක අතකට ඒක එන එකත් හොදයි. ඊට පස්සෙවත් දෙයියනේ කියල සැනසිල්ලෙ ඉන්න පුලුවන්නෙ. ඒත් ඉතින් මොනව උනත් මන් පාස් නම් වෙයි. ඒත් අන්තිම කාලෙම නොවැ හොදටම පිස්සු නැටුවෙ. විභාගෙ උපරිමයෙන්ම කරන්න බැරි වෙච්ච එකට නම් හිතට ටිකක් දුකයි. ඒත් ඉතින් O/L කියන්නෙ ජීවිතේ නෙමේනෙ. ඒත් මේ කාලෙ ජීවිතේට ලැබුනු අත්දැකීම් නම් හරිම සුන්දරයි. කොටින්ම ආනන්ද මාතාව ජීවිතයට ලබා දුන්නු පන්නරය. ඒත් එක්ක බලද්දි නම් මට S නමයක් තිබ්බත් හොදටම ඇති.

ඒව මේව මොනව උනත් ජීවිතේ හරි සුන්දරයි!