June 26, 2010

මාර බිසී වීක් එකක්

කට්ටිය ඉතින් කොහොමද? ඔන්න කොලුවට නම් අමුණල කරල යන්තන් 17 ලැබුවනේ.hah ඒත් මදි අප්පා මන් මේ බලන් ඉන්නේ 18+ වෙනකන්, මොකද ඉතින් එතකොට කොල්ල ස්වායත්තනෙ (උපන් දිනේට විශ් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි හොදේ) garupale



සදුද ඉදල අපේ A/L පටන් පන්ති පටන් ගත්තා. ඒ මදිවට 13 M 6 එකේ අයියලට චොක්ලට් රෝලුයි බීමයි දුන්නා (මේක තමයි අපේ සිස්ටම් එක..12 එවුන් 13 එවුන්ට පාටියක් දෙනවා ...අයියලව සෙට් කර ගන්න එපෑ සේරටම කලින්) අලුතෙන් ආව කට්ටිය එක්කත් අපි දැන් ෆුල් ෆිට් garupale ඒ අස්සේ ප්‍රොජෙට් එකකුත් කරන්න එපෑ....මෙකට අපේ නිපුන අයිය මට ගොඩක් උදව් කරනවා bising

මන් ඕ.ලෙවල් ඉවර වෙච්ච ගමන් FIT(UCSC) කරන්න ගත්තට ඒක තාමත් ඉවර කර ගන්න බැරි උනානේ garupale(හෙනම කම්මැලිකමක් අප්පා තියෙන්නේ)...දැන් නම් අශාන් අයියගෙ හෙල්ප් එකෙන් ඒකත් ඉවර කරල දාන්න යන්නේ....ඉතින් මන් මේ දවස් වල බිසී....ඒ මදිවට ඉස්කෝලෙ වැඩත් ඒ අස්සෙ කරන්න එපැයි...ඇයි තව ප්‍රොජෙට්...අම්මෝhah

ආ මම දැන් පොඩි හසී නේgarupale...අපේ බ්ලොග් අවකාශයේ ඉන්න හසීල එකතු වෙලා හදාගත්ත සාඩම්බර හසී පවුලෙ පොඩි එකා නොවැ(කාටද ආඩම්බර..මටනේ)


ඔයාලටත් අපේ පවුලට ජොයින් වෙන්න පුලුවන් ඕන්

දැනට අපේ කට්ටිය මෙහෙමයි,

කොලු හසී (මෙයා තමා අපේ ලොක්කයියා)
කතා හසී (මෙයා තමා අපේ කතා කාරය)
කෙලි හසී (අක්කා ඉතින් කෙල්ලෙක්නේ)
පොඩි හසී(මන් ඉතින් තාම පොඩි එකා නොවැ) garupale

ඔයත් හසී කෙනෙක් නම් අපේ සෙට් එකත් එක්ක සෙට් වෙන්න.
around

June 17, 2010

ඕන් හසිත කොල්ලත් දැන් A/L කොල්ලෙක්

අප්පේ....O/Lඉවර වෙලා පණ ගැහි ගැහි හිටියා රිසාල්ට් එනකන් garupale අන්තිමට නූලෙන් ඒකත් ගොඩ ගියා කියමුකො අන්තිමට ඉතින් ඔන්න අද තමයි හා හා පුරා කියල අපිව ඒ.ලෙවල් කරන්න පන්ති වලට දැම්මෙ. (අද තමයි ඉස්කෝලෙ පටන් ගත්තෙ)

අද උදේ වෙලාවට නැගිට්ටෙත් නැ(ඇයි දෙයියනේ කොහොම කියල නගිටින්නද මාස 6ක් ම ෆුල් ආතල් එකේ පස්ස පැත්තට ඉර එලිය වැටිල පස්ස පැත්ත රත් වෙනකම්ම සැප නින්දක් දාපු එකානේ මම) garupale
කොහොම හරි උදේවෙලාවට ඉස්කෝලෙට ගියා. ගියාම අම්මලට මීටින් එකක්(මේක ඉවර වුනේ 11.30ත් පහු වෙලා)
garupale ඉතින් ඒක ඉවර වෙනකන් අපේ පරණ යාලුවොත් එක්ක සෙට් වෙලා පොඩි පහේ ටෝකක් දගෙන හිටියා (මුන්ව මාස ගානකට පස්සෙ අදනෙ සෙට් වුනේ) garupale ඒ මදිවට අද අපිට අලුත් යාලුවොත් එකතුවෙලා හිටියා...(පොළොන්නරුව වගේ පැතිවලිනුත් යාලුවො ඇවිල්ල හිටියා...එයාලත් අද ඉදල ආනන්ද මාතාවගේ දරුවො) bising ඉතින් අද මැක්සා දවස!

කොහොම හරි මීටින් එක ඉවර වෙලා අපි හැමෝම අලුත් පන්ති වලට ගියා. වෙලාවට ශුවර් කරන්න බැරුව හිටියට අයි.සී.ටී කරන්න හම්බුනා.hah...අම්මෝ ඇති යාන්තන්...දැන් මන් කරන්නෙ ගණනුයි,භෞතික විද්‍යාවයි,අයි.සී ටී කියන සබ්ජෙට් තුන (හැබැයි මැත්ස් කලාට මන් බ්‍රයිටෙක් නම් නෙමේ...අනිත් ඒවට වැඩිය මේකට ආස නිසයි තෝරගත්තෙ) garupale

හෙට නිවාඩු හින්ද සදුද ඉදල අපේ වැඩ පටන් ගන්නවා...ප්‍රොජෙක්ට් එකකුත්(අනේ මන් නම් මේක ගැන තාම මෙලෝ දෙයක් දන්නෙ නෑ...කොටින්ම කාගේ හරි එකක් දැකලවත් නෑනෙ) කරල කොහොමහරි A/L ලුත් කරලම බලන්න තමයි දැන් කොල්ලගෙ රෙඩි එක garupale

June 9, 2010

දෙක දෙක එක් කර ඈදීම | දෙවන කොටස

කලින් පෝස්ට් එකේදි මන් කිව්වනෙ දෙක එකට එකතු කරන්න ඕන කරන මූලික දේවල්...ඒක කියවන්න බැරි උනානම් මුලින්ම මෙතනින් ඒක කියවල ඉන්නකො

මේකෙදි අපි මුලින් පරිගණක දෙකටම අයිපී ඇඩ්‍රස් ලබා දෙන්න ඕනෙ ඒ සදහා Start → Control Panel හරහා Network Connection වෙත ගොස් එහි ඇති Local Area Connection අයිකනය මත රයිට් ක්ලික් කර Properties තෝරා Local Area Connection Properties ඩයලොග් බොක්ස් එක ඕපන් කරගන්න.
එහි General ටැබ් එක යටතේ ඇති Internet Protocol (TCP/IP) ඩබල් ක්ලික් කල විට මතුවන Internet Protocol Properties ඩයලොග් බොක්ස් එකෙහි Use the following IP address ලෙස සිලෙක්ට් කර IP address සදහා 192.168.1.1 ද Subnet mask සදහා 255.255.255.0 ලෙසද ලබා දී OK කර ප්‍රොපටීස් ඩයලොග් බොක්ස් වසා දමන්න.

දැන් දෙක එකතු කරන එක පරිගණකයකට අයිපී ඇඩ්‍රස් ලබා දීල ඉවරයි .දැන් මේ කරපු විදියටම අනිත් එකටත් අයිපී දෙන්න ඕනෙ. ඒකෙදි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ අපි කලින් පරිගණකයට ලබා දුන්න 102.168.1.1 IP address එක වෙනුවට 192.168.1.2 ලෙස ලබා දීම ගැනයි.
මෙලෙස IP address එක ලෙස 192.168.1.2 ලෙස හා Subnet mask සදහා කලින් පරිගණකයට දුන් පරිදිම 255.255.255.0 ලෙසම ලබා දී OK කර ඩයලොග් බොක්ස් සියල්ලම වසා දමන්න. ඔන්න දැන් වැඩ ගොඩක් ඉවරයි.

දැන් පරිගණක දෙකම එකම වර්ක්ගෲප් එකකට ඇතුලු කරන්න ඕනෙ.(මෙහෙම කරන්නෙ මේ දෙකම එකම ජාලයක බව පෙන්වා දෙන්න)

මේක කරන්න My Computer මත රයිට් ක්ලික් කරල Properties තෝරන්න දැන් ඕපන් වෙන System Properties ඩයලොග් බොක්ස් එකෙන් Computer Name ටැබ් එක තෝරන්න. දැන් මේකෙ තියෙන Computer description යටතේ පරිගණකටය නමක් දෙන්න ඕනෙ. (මේකට අපේ නමම දාමු ,මම නම් දැම්මෙ hasitha1හා hasitha2 කියල)
ඊට පස්සෙ Work group එකටත් නමක් දෙන්න ඕනේ (මේ පරිගණක දෙකේම වර්ක් ගෲප් එකට එකම නමක් දෙන්න "my home net" වගේ) දීල OK එක ඔබල ඔතනින් කැපෙන්න.

දෙන්නටම නම් තැබුවට පස්සෙ පරිගණක දෙකම රී ස්ටාට් කරන්න ඕනෙ...ඊට පස්සෙ ඕන් දෙන්නම එකට එකතු වෙලා ඉන්නෙ (ශෝයි!...හැබැයි මෙයාල එකට ඉන්නව කියල පෙන් නම්නෙ නම් නෑ)

දැන් අපිට අනිත් කම්පියුටරේ තියෙන මොකක් හරි (ෆයිල් එකක් වගේ) දෙයක් ගන්න ඕන වෙච්ච ගමන් කරන්න තියෙන්නෙ ඩෙක්ස්ටොප් එකේ තියෙන My Network Places අයිකන් එක ඩබල් ක්ලික් කරල විවෘත කර ගෙන එහි ඇති View Workgroup Computer කියන තැන ක්ලික් කරන‍්න විතරයි. එතකොට අපේ හෝම් නෙට්වර්ක් එකේ තියෙන කම්පියුටර්ස් දෙක අපි ලබා දුන්න නම් වලින් පෙන්නනවා.... දැන් ඉතින් ඒකෙ ඒව මේකටයි මේකෙ ඒව ඒකටයි දාගන්න බැරියැ :D

June 2, 2010

දෙක දෙක එක් කර ඈදීම

මට මේ ලගදි මගෙ කම්පියුටර්ස් දෙක එකට නෙට්වර්ක් කරගන්න ඕන උනා. (දෙකම ඩෙක්ස්ටොප් මට කොයින්ද ලැප්ටොප්) ඉතින් මන් කොහොමහරි විදෙශ ආධාරත් ඇතුව දෙක එකට නෙවර්ක් කලා. හැබැයි පරිගණක දෙකකට වැඩිය නෙට්වර්ක් කරන්න නම් ඒගැන විශේෂයෙන්ම ඉගෙනගන්නත් වෙනව වගේම විශේෂ උපකරණත් ඕනෙ. තව මේ වැඩේට යම් මුදලකුත් වියදම් වෙනව. (අපි වගේ රැකියා විරහිත පාසල් ශිෂ්‍යයින්ට කොහෙන්ද ඕවට මුදල්) නමුත් කිසි ගින්නක් නැතුව පරිගණක දෙකක් නම් එකට නෙට්වර්ක් කරගන්න පුලුවන් (ගොඩක් අය ගාව ලැපයි , ඩෙක්ස්ටොප් එකයි තියෙන නිසා මේ විදියට ලේසියෙන්ම ඒව නෙට්වර්ක් කර ගන්න පුලුවන්) වැඩ වලදි ඒක ලොකු පහසුවක්නෙ.



මේ වගේ දෙක එකතුකරන්න ඕන කම්පියුටර්ස් දෙකටම නෙට්වර්ක් කාඩ් තියෙන්න ඕනෙ. (ලැප්ටොප් හැම එකකම වගේ නෙට්වර්ක් කාඩ් තියෙනව. ඩෙක්ස්ටොප් එකේ කාඩ් එකක් නැත්තන් ඕනම පරිගණක වෙලද සලකින් රු.850/- විතර නෙට්වර්ක් කාඩ් එකක් ගන්න පුලුවන්) මීට අමතරව ඕන වෙන්නෙ ක්‍රොස් ඕවර් කේබල් එකක් විතරයි. (මේකත් කඩේකින්ම ගන්න පුලුවන් වගේම අපිටම හදා ගන්නත් පුලුවන්...පොඩි ගානයි වෙන්නෙ) මේව හරිගස්ස ගත්තට පස්සෙ ක්‍රොස් ඕවර් කේබල් එක නෙට්වර්ක් පෝට් දෙකට සවිකරල කම්පියුටර්ස් දෙක ඔන් කරන්න. දැන් වැඩෙන් භාගයක්ම ඉවරයි. දැන් තියෙන්නෙ කම්පියුටර්ස් දෙකට අයිපී ඇඩ්‍රස් ( IP Address) දීල දෙන්නව හදුන්වල දෙන එක



මේ ව්ගේ පෞද්ගලික ජාල (Private Natwork) සදහා සරලව භාවිතා කරන්න පුලුවන් අයිපී ඇඩ්‍රස් පරාස කීපයක්ම තියෙනවා. නමුත් මේකෙදි මන් පාවිච්චි කරන්නෙ 192.168.0.0 – 192.168.255.255 යන අයිපී ඇඩ්‍රස් පරාසයයි. මතක තබා ගැනීමේ පහසුවට මම මේකෙදි එක ලග තියෙන අයිපී ඇඩ්‍රස් දෙකක් ගන්නවා.මේ අනුව මන් පාවිච්චි කරන්නෙ 192.168.1.1 සහ 192.168.1.2 යන අයිපී ඇඩ්‍රස් දෙක.

මට මෙතනින් එහාට ලියන්න යද්දි පොඩි අවුලක් එනව. ඒ තමයි නෙට්වර්ක් කරන්න යන පරිගණක වලට අයිපී ඇඩ්‍රස් ලබා දීම , වර්ක්ග්රූප් සැකසීම හා නෙට්වර්ක් කරපු පරිගණක දෙකෙන් වැඩ කරන හැටි ගැන ලියන්න ඕනෙ මොන පාරිසරිකයෙ (පාරිසරිකය කියන වචනය මන් ඉස්සුවෙ ශාකුන්තල අයියගෙන්...අපි ඉතින් දෙශීයකරණයට ෆුල් සපෝට්නෙ) ඉදන් කරන හැටිද කියල.. මොකද අපි වගේ නිදහස අගයන කට්ටිය (කොච්චර ආඩම්බරද) ලිනක්ස් පාවිච්චි කලාට තාමත් ලංකාවෙ භාවිත කරන පරිගණක වල වැඩි හරියක් තියෙන්නෙ වින්ඩෝස් හින්දා.( වින්ඩෝස් කිව්වට මේව ජෙනුයින් නෙමේනෙ වැඩි හරියක් හොර බඩුනෙ) ඉතින් මන් හිතුවා වින්ඩෝස් වල කරන හැටි ගැන ලියන්න. (මෙතන වැඩි හරියක් ලිනක්ස් පාවිච්චි කරන්නෙ අයියලනෙ...ඒ මදිවට මෙයාල සේරම කැම්පස් යන පොරවල්නෙ) ඒත් කාට හරි ලිනක්ස් වල වැඩේ ගොඩ දාගන්න හැටි ගැන දැනගන්න ඕන් නම් කියන්න මන් ඒකත් ලියල දාන්නම්කො.

වින්ඩෝස් වල කරන හැටි ඊලග පොස්ට් එකෙන්.....ලිනක්ස් වල කරන හැටි ඕන් නම් තුන්වෙනි පොස්ට් එකකුත් දාන්නම්.....ඉතුරු ටික දාන කන් ඔයාල ක්‍රොස් ඕවර් කේබල් එකක් එහෙම හොයා ගෙන වැඩේට රෙඩි වෙන්නකො.