September 29, 2010

උදරය ගෙවත් මගෙ බඩ

"හලෝ මචන් උබලව දැක්ක කල්" පෙරේද මන් පොඩි ගමනක් ගිහිල්ල එද්දි අයිය කෙනෙක්ව සෙට් උනා. මෑන්ව දැක්කම නිකන් අදුරගන්නත් බෑ වගේ... මෑන් කතාකරනකන් මන් ඇත්තටම දැක්කෙත් නෑ. දැක්කත් එකපාරටම අදුරගන්නත් බෑනෙ. මූ කලින් හිටියෙ කිරි ඉබ්බ වගේ හිටියෙ දැන් බැලින්නන් ගල් ඉබ්බ වගේ, ඒකයි සීන් එක garupale මන් ඉතින් පොඩි වචනයක් දෙකක් දාල පොඩි ටෝකක් දාන් ඉන්න කොට තමයි දැනගත්තෙ මෑන් ජිම් එකකට සෙට් වෙලා බරටම ඇග හදාගන්න ට්‍රයි එකක් දානව කියල.

ඒ අස්සෙ මේක මගෙන් අහනව "මචන් දැන් උබෙත් වැඩී නේද",කියල. garupale මට මූ කිව්ව ගමන් තේරුනෙත් නෑ බැලින්නම් මේ අහල තියෙන්නෙ මගෙ බඩ ගැන. ශිට්! කොහෙද මතක කාලෙක ඉදල ගෙට වෙලා හිටිය මිසක් (ගෙට වෙලා කිව්වෙ ගෑනු ළමයි ගෙට වෙනව වගේ සීන් එකක් නෙමේ ඔන්) ඇගට දැනෙන වැඩක් කරගන්න බැරි උනානෙ garupale පොඩි පොඩි දේවල් ට්‍රයි කලාට ඒවත් හරි ගියෙ
ත් නෑ. අපොයි කොහොමහරි මේ වයසට මට වෙච්ච දෙයක්

මටත් ඉතින් ලගකදි ඉදල ටිකක් ඇග හදා ගන්න පොඩි පහේ ඕමනාවක් තිබ්බට තාම ඒ වැඩේට අතගහගන්නවත් බැරි වෙච්ච එකේ මාත් මෑන් ගෙන් විස්තර ටිකක් එහෙම අහගෙන ගේමට එන්ටර් වෙන්න තීරණය කරල ගෙදර ගියා.

ගෙදර ගිහිල්ල දාන්න තියෙන හැම වැඩකෑල්ලක්ම දාල හා හා පුරා කියල ශුබ නැකතින් අම්මට කිව්ව විතරයි... පටත් ගත් තැනම වැඩේ අතාරින්න සිද්ධ වුනේ. garupale (කොහෙද කෙල්ලෙක් වත් උනානන් මායන් 64න් එකක් දෙකක් දාල මොකක් හරි කරගන්නවත් තිබ්බ... ඒත් ඉතින් අපි කියල මොනව දාන්නද) ඒත් ඉතින් අපි එහෙම සැලෙනවැයැ. බඩ පස්ස්ට දාල පපුව ඉස්සරහට දාල දකුණු කකුල පෙරට තියල තාත්ත ගාවට ගියා. ගිහිල්ල ස්ටෝරිය කියන්නත් කලින් තාත්ත වැඩේට ෆිට් garupale... හම්මෝ යන්තන් ඒකත් ශේප්.

තාත්ත හිතන්න ඇති මූ මේ විදියට ගියොත් කොහෙන් ඉතුරු වෙයිද දන්නෑ කියල... ඕන් ඉතින් කොහොමින් කොහොමින් හරි මාත් එහෙනම් ලබන සතියෙ ඉදල ජිම් එකකට සෙට් වෙලා බඩ අඩු කර ඇග හදා ගැනීමේ වැඩ සටහනකට එන්ටර් වෙනව garupale ඒත් පොඩි අවුලකට කියල තියෙන්නෙ කෑම පාලනය තමයි. ඒත් ඉතින් කොහොමහරි කරල වැඩේ ගොඩ දා ගන්න ෆුල් ට්‍රයි එක දාන්න ඕනෙ

ප/ලි
මේක මට මේ නිකන් ඉන්න බැරුවට ලිව්වෙ.

September 9, 2010

සුභ උපන්දිනක් වේවා






මල් ලොවට පිපි එන රතු රොස් මල වගේ
දෙවු ලොවට පා තැබුව හිම කුමාරිය වගේ
බ්ලොග් ලොවට කැලෙන් ආ සුදු පුළුන් හාවිගේ
උපන් දින සැමරුමට මෙන්න පැතුමක් අපේ.......



අද ඉතිං මේ අපේ පැන පැන යන හා පැටික්කිගේ උපන්දිනේ නොවැ.....ඉතිං අපි හිතුවා බ්ලොග් අවකා‍ශයේ ඉන්න කෂ්ටියත් එකතු කරගෙන අපේ හා පැටික්කිට සුභ පතන්න.......

කෝ එහෙනම් කට්ටිය දෙන්න බලන්න අත් හොදට උස්සලා අත්පුඩියක්........හරි හරි බොහෝමත්ම ස්තූතියි...දැන් කට්ටියම එකතු වෙලා හා පැටික්කි ඉටි පන්දම් නිමනකොට කියන්න අපිත් එක්ක හයියෙන් කෑගහලා.....





" හැපි බර්ත් ඩේ ටූ යූ......
හැපි බර්ත් ඩේ ටූ යූ......
හැපි බර්ත් ඩේ ඩියර් හා පැටික්කි......
හැපි බර්ත් ඩේටූ.... යූ......!!! "


ආ....නියමායි නියමායි.......

හා පැටික්කිගේ හා හදවතේ තියෙන සියළුම පැතුම් ඉටුවෙන්නත්‍‍‍...අනාගතය හිතනවටත් වඩා සාර්ථක වෙන්නත්....ඊයේ පෙරේදා ලියලා ඉවර වුන අ.පො.ස. උ.පෙ. ත් හිතනවටත් වඩා හොදට (පියාඹන පාට සහිතව) පාස් වෙන්නත්....අපි සමගම බ්ලොග් අවකාශය තුල පැන පැන යමින් චිරාත් කාලයක් ලිපි ලියන්නත්....ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලත්....අපි හැමෝම මුළු හදවතින්ම සුභ පතනවා.....


පැන පැන යන අපේ හා පැටික්කිට සුභම සුභ උපන්දිනයක් වේවා.......!!!



මෙන්න අපෙන් තෑගී.........



බ්ලොග් අවකාශයේ
සැරිසරන විට හමුවූ,
අවිහිංසක, කටකාර,
කවිකාරියකි නුඹ,
විටෙක යෙහෙලියකි,
විටෙක නැගණියකි,
ජීවන මගේ තවත් එක්
පියවරක් ඉදිරියට තබන
අපගේ ආදරණීය සොහොයුරියට
උපන්දින සුබ පැතුම් ගෙන එමි මෙසේ..........











දැන් කට්ටියට කවන එකයි ඇත්තේ කැරට්.....අහ් වැරදුනා කේක් කේක්.........



හා පැටික්කිගේ උපන් දිනය අමතක නොකල අපි.....



෴ සහෘද සිංහල බ්ලොග් කැල ෴
෴ සාඩම්බර හසී පවුල ෴
෴ වත් අක්කී ෴