March 8, 2011

Android පිස්සුව සහ තවත් Phone කතා


මන් හෙන ස්මාර්ට් ෆෝන් පිස්සෙක් :D මුලින්ම මට පිස්සුව ආවෙ ඇපල් iphone එක ආවට පස්සෙ. ඒ දවස්වල ඇපල් සයිට් එකේ පදින්චිවෙලා හිටියෙ. හැබැයි ඊට කලින්නන් මට Mobile Phones ගැන එච්චර උනන්දුවක් තිබ්බෙ නෑ. අනික ඒ දවස්වල Call එකක් ගන්න SMS එකක් යවන්න පුලුවන්නන් එච්චරයිනෙ, (දැන්නන් මේ දෙක නැතත් කමක්නෑ) කොහොමහරි ඒ දවස්වල විභාග භීතිකාවෙන් පෙලිච්ච හින්ද iPhone ඇම්ම අඩුවෙලා ගියා.

ඔය අතරෙ 2009 මුලදි වගේ මට හැදුන Android ඇම්මක්. මේක උනෙ රෑ පාඩන් කරද්දි කම්මැලි හින්ද නෙට් එකේ සර්ච් පාරක් දදා හිටිය. ඔය වෙලාවෙ තමා මට මුලින්ම ඇන්ඩ්‍රොයිඩ් ගැන මීටර් උනේ. කොහොමහරි එදා රෑ නිදිමරාගෙන කලේ ඇන්ඩ්‍රොයිඩ් ගැන හෙව්ව එක. අන්තිමට දවස් දෙක තුනක් යද්දි මට ෆුල් ඇන්ඩ්‍රොයිඩ් මේනියාව. මේකට ඒ දවස්වල තිබ්බ ලිනක්ස් උනත් එක හේතුවක්. හැබැයි හිතට වදින ෆෝන් එකක් සෙට් උන්නෑ. ඉතින් කලේ Phones හොයන එක. මොකද මට ඕනෙ ඇන්ඩ්‍රොයිඩ් රන් වෙන iphone එක වගේ ලුක් එක තියෙන ෆෝන් එකක්. අනික බජට් එකට සෙට් වෙන්නත් ඕනෙ. කොහොමහරි විභාගෙ හින්ද නෙට් යෑමත් බල්ලට ගිහින් තිබ්බෙ. ඒ අස්සෙ smart phone පිස්සුවත් ටිකක් අමතක වෙලා ගියා. අන්තිමට සාපෙ ලංවෙලා මොනවද මන්ද බොරු ටිකක් ලියල දාල ඒකත් ඉවර කලා.

ඊට පස්සෙ ආයි නිදහසේ ඉන්නකොට තමයි මට Android ඇම්ම හොදටම තද වුනේ. භාග්‍ය අයියගෙ widows mobile phone එක හින්ද මටත් වින් මොබ් වලටත් පොඩි ආසාවක් ඇවිල්ල තිබ්බෙ. ඒත් ඒ දවස් වල තිබ්බ FOSS ඇම්ම හින්ද වින්ඩෝස් මොබයිල් ගැන තිබ්බ ආසාව අතඇරල ආයි ඇන්ඩ්‍රොයිඩ් වලටම බැස්ස. අනික මේ දවස් වල මට symbion පෙන්නන්නම බෑ. අල්ලන අල්ලන හැම nokia ෆෝන් එකටම මොකක් හරි මගුලක් වෙනව. අනික symbian මටනන් මාරම ස්ලෝ. ඒවගේම symbian ගැන මගෙ තිබ්බ ප්‍රතිරූපෙත් එච්චර හොද එකක් නෙමේ (nokia කාරයින්ටත් symbian එපාවෙලා අතඇරිය එකේ තවත් මේ ගැන වෙන මොන කතාද)

කොහොමහරි මේ දවස්වලනන් LG Optimus one phone එක ගැන ටිකක් හිත හිත ඉන්නෙ. දැනට සෙට්වෙච්ච බජට් එකත් ශේප්, මට ඕනම කරන features තියෙන ෆෝන් එකක්. ඒත් Tablet එකක් ගන්නත් පොඩි අදහසක් තියෙනව. අබාන්ස් එකේනන් Android 2.2 රන් වෙන Toshiba Smart Book - AS100 කියල ටැබ්ලට් එකක් තියෙනව. ඒත් මේකෙ Wifi විතරයි. අනික ඒක ඒ ගානට හොදටම වැඩී වගේ, Samsung Galaxy ටැබ් එකත් ආව ගමන්ම නිසා ගාන අම්බානටම වැඩී. ඒ අස්සෙ තව ෆෝන් ටිකකටත් පිස්සු හැදිල ඉන්නෙ.

ගොඩක් reviews වල තියෙන විදියටනන් Optimus one එක ගොඩක් හොද user expreince එකක් ගන්න පුලුවන් phone එකක්. අනික මට ඕනකරන හැමදෙයක්ම වගේ මේකෙ තියෙනව. (කැමරාව හැර) අනික මන් ගොඩක් දුරට පාවිච්චි කරන්නෙ Google Services හින්ද මේකෙන් මට ගොඩක් ලේසියෙන් වැඩකරගන්න පුලුවන්. අහ් තව සිංහල වැඩ වලටනන් ෆෝන් එක රූට් නොකරම ධනික අයියගෙ SETT Browser එක පාවිච්චි කරන්නත් පුලුවන්. අනික Android වලටනන් අම්බානට ඇප් තියෙන හින්ද වෙන ප්‍රශ්නත් නෑ. ඉතින් මේ සීන්කෝන් සේරම හින්ද මේ දවස් වල මන් Android එක්ක ආලයෙන් වෙලිල ඉන්නෙ :P

19 comments:

  1. සිරා මචන් මමත් මගේ අයිෆෝන් එක සිකුරාදා විකුණලා ගන්න හිතන් ඉන්නේ Optimus one එකක් බජට් එකටත් ශේප්. අනික ඇපල් ෆොන් එකේ කිසි දිවුණුවක් පේන්න නෑ :( ආරංචි විධියට අලුත් ෆෝන් එකේ නම් ගොඩක් වෙනස් කම් තියෙනවාලු

    ReplyDelete
  2. මල්ලියො මේක කීයක් වෙනවද? පෙනුමයි os version එකයි නම් හොඳයි ඒත් කැමරාව මදි වගේ නැද්ද?
    මටත් මේ දවස්වල ඇන්ඩ්‍රොයිඩ් උන උත්සන්න වෙලා ඉන්නේ ගන්න හිටියෙ SE Xperia X10 (iphone එකට වඩා ලස්සනයි) එකක් මක් කොරන්නද මොටෝ සයිකල් එක ගන්න උන නිසා මනිප්‍රශ්නෙ (ඕක මහෞශධ පන්ඩිතයන්ටත් තිබුනනෙ) දැන් SE Xperia X10 mini pro එකක් ගන්නයි හදන්නෙ (Gingerbread upgradeable) ඒකෙ තියෙන අවුල අර slide slider එක වැඩි කල් පාවිච්චි කරන්න පුලුවන් වෙයිද කියන එක.

    ReplyDelete
  3. LG Optimus one එක කියක් විතර වෙනවද බං

    ReplyDelete
  4. හික්.. බලපං අපි සිම්බියන් ගත්තා විතරයි මුං සිම්බියන් ගහන එකත් නැවැත්තුවා... පුලුවං කමක් තියේ නම් මාත් මගේ phone එකට දාගන්නවා වින්ඩෝස් මොබයිල් ව‍ගේ එකක් :D

    ReplyDelete
  5. මටත් ඔය ඇන්ඩ්‍රොයිට් පිස්සුව ඔහොම්ම තියෙනවා

    Iphone එකක් වගේම එකකට නම් Samsung I9000 Galaxy මේක හොදයි, Review's නම් කොහොමද දන්නේ නෑ

    ඔය LG එකේ ගනන් එහෙම කොහොමද ?

    ReplyDelete
  6. මම ඕක පාවිච්චි කරන්න අරං දැනට මාස එකහමාරක් විතර.. Maxxa Phone එක..

    ReplyDelete
  7. හැබැයි මන්නන් iPhone hardware එකට ආසයි :D අහ් තව iPhone එකට Android දාන්න පුලුවන් සීන් එකක් දැක්ක... හැබැයි ඒකෙන් හොද performance නන් ගන්න බෑලු :(

    ReplyDelete
  8. අබාන්ස් එකේනන් 44,900ක් ලු. හැබැයි පරන ෆෝන් එකක් දුන්නොත් 39කට විතර ගන්න පුලුවන් සීන් එකක් තියෙනව ;)

    ReplyDelete
  9. හික්! දැක්කනෙ අපිනන් දුර දක්නා මොකක්ද එකකින් බලල සිම්බියන් අයින් කරල හිටියෙ :D

    ReplyDelete
  10. හෙහේ... :D එල එල

    ReplyDelete
  11. එල එල. Android Rox නෙ ;)

    ඔය ෆෝන් එකත් ලුක් එක සිරා බන්. ඒත් samsung galaxy series එකම අම්බානටම ගාන වැඩී බන් :(

    මේක පරන ෆෝන් එකක් දීල 39කට විතර ගන්න පුලුවන්ලු බන් අබාන්ස් එකෙන්. නැත්තන් 44,900ක් වෙනව

    ReplyDelete
  12. එලම තමා ;) Maxxa නන් ඉතින් එච්චරයිනෙ... තෑන්ක්ස් මචන් :)

    ReplyDelete
  13. කැමරාවනන් ටිකක් අල වගේ තමා :( ගානනන් 44ක් වෙනව

    අහ් මන් දැක්ක කලින් පෝස්ට් එකක සිද්දිය ලියල තිබ්බ :D

    Slider එකත් ලේසියෙන් කැඩෙන එකක් නෑ...අනේ මන්ද... හැබැයි පේන විදියටනන් ෆෝන් එක අවුලක් නෑ වගේ. හැබැයි මෙතනනන් කියල තියෙන්නෙ Android OS 1.6 (Donut), upgradable to Android 2.1 (Eclair) කියලනෙ. හැබැයි කොහොමහරි Gingerbread upgradeable නන් අවුලක් නෑ.

    ReplyDelete
  14. හෆොයි ඉතුරු 5000 දාල X10 එකම ගන්න පුලුවන්.... (මොකද 45000ට මේකෙයි 50000 X10 එකෙයි අතර ලොකු වෙනසක් තියනව නෙ මලේ)

    ReplyDelete
  15. X10 එක 50000ද? :-o ඒ එහෙමවුනොත්නන් ඒක සිරානෙ බන් අයියෙ ;)

    ReplyDelete
  16. ඔව් x10 50000ක්, x10 mini pro වෙන්නෙ 28ක් විතර

    ReplyDelete
  17. not at all... good phone.. but really chaa design. :-(

    ReplyDelete