March 8, 2011

Android පිස්සුව සහ තවත් Phone කතා


මන් හෙන ස්මාර්ට් ෆෝන් පිස්සෙක් :D මුලින්ම මට පිස්සුව ආවෙ ඇපල් iphone එක ආවට පස්සෙ. ඒ දවස්වල ඇපල් සයිට් එකේ පදින්චිවෙලා හිටියෙ. හැබැයි ඊට කලින්නන් මට Mobile Phones ගැන එච්චර උනන්දුවක් තිබ්බෙ නෑ. අනික ඒ දවස්වල Call එකක් ගන්න SMS එකක් යවන්න පුලුවන්නන් එච්චරයිනෙ, (දැන්නන් මේ දෙක නැතත් කමක්නෑ) කොහොමහරි ඒ දවස්වල විභාග භීතිකාවෙන් පෙලිච්ච හින්ද iPhone ඇම්ම අඩුවෙලා ගියා.

ඔය අතරෙ 2009 මුලදි වගේ මට හැදුන Android ඇම්මක්. මේක උනෙ රෑ පාඩන් කරද්දි කම්මැලි හින්ද නෙට් එකේ සර්ච් පාරක් දදා හිටිය. ඔය වෙලාවෙ තමා මට මුලින්ම ඇන්ඩ්‍රොයිඩ් ගැන මීටර් උනේ. කොහොමහරි එදා රෑ නිදිමරාගෙන කලේ ඇන්ඩ්‍රොයිඩ් ගැන හෙව්ව එක. අන්තිමට දවස් දෙක තුනක් යද්දි මට ෆුල් ඇන්ඩ්‍රොයිඩ් මේනියාව. මේකට ඒ දවස්වල තිබ්බ ලිනක්ස් උනත් එක හේතුවක්. හැබැයි හිතට වදින ෆෝන් එකක් සෙට් උන්නෑ. ඉතින් කලේ Phones හොයන එක. මොකද මට ඕනෙ ඇන්ඩ්‍රොයිඩ් රන් වෙන iphone එක වගේ ලුක් එක තියෙන ෆෝන් එකක්. අනික බජට් එකට සෙට් වෙන්නත් ඕනෙ. කොහොමහරි විභාගෙ හින්ද නෙට් යෑමත් බල්ලට ගිහින් තිබ්බෙ. ඒ අස්සෙ smart phone පිස්සුවත් ටිකක් අමතක වෙලා ගියා. අන්තිමට සාපෙ ලංවෙලා මොනවද මන්ද බොරු ටිකක් ලියල දාල ඒකත් ඉවර කලා.

ඊට පස්සෙ ආයි නිදහසේ ඉන්නකොට තමයි මට Android ඇම්ම හොදටම තද වුනේ. භාග්‍ය අයියගෙ widows mobile phone එක හින්ද මටත් වින් මොබ් වලටත් පොඩි ආසාවක් ඇවිල්ල තිබ්බෙ. ඒත් ඒ දවස් වල තිබ්බ FOSS ඇම්ම හින්ද වින්ඩෝස් මොබයිල් ගැන තිබ්බ ආසාව අතඇරල ආයි ඇන්ඩ්‍රොයිඩ් වලටම බැස්ස. අනික මේ දවස් වල මට symbion පෙන්නන්නම බෑ. අල්ලන අල්ලන හැම nokia ෆෝන් එකටම මොකක් හරි මගුලක් වෙනව. අනික symbian මටනන් මාරම ස්ලෝ. ඒවගේම symbian ගැන මගෙ තිබ්බ ප්‍රතිරූපෙත් එච්චර හොද එකක් නෙමේ (nokia කාරයින්ටත් symbian එපාවෙලා අතඇරිය එකේ තවත් මේ ගැන වෙන මොන කතාද)

කොහොමහරි මේ දවස්වලනන් LG Optimus one phone එක ගැන ටිකක් හිත හිත ඉන්නෙ. දැනට සෙට්වෙච්ච බජට් එකත් ශේප්, මට ඕනම කරන features තියෙන ෆෝන් එකක්. ඒත් Tablet එකක් ගන්නත් පොඩි අදහසක් තියෙනව. අබාන්ස් එකේනන් Android 2.2 රන් වෙන Toshiba Smart Book - AS100 කියල ටැබ්ලට් එකක් තියෙනව. ඒත් මේකෙ Wifi විතරයි. අනික ඒක ඒ ගානට හොදටම වැඩී වගේ, Samsung Galaxy ටැබ් එකත් ආව ගමන්ම නිසා ගාන අම්බානටම වැඩී. ඒ අස්සෙ තව ෆෝන් ටිකකටත් පිස්සු හැදිල ඉන්නෙ.

ගොඩක් reviews වල තියෙන විදියටනන් Optimus one එක ගොඩක් හොද user expreince එකක් ගන්න පුලුවන් phone එකක්. අනික මට ඕනකරන හැමදෙයක්ම වගේ මේකෙ තියෙනව. (කැමරාව හැර) අනික මන් ගොඩක් දුරට පාවිච්චි කරන්නෙ Google Services හින්ද මේකෙන් මට ගොඩක් ලේසියෙන් වැඩකරගන්න පුලුවන්. අහ් තව සිංහල වැඩ වලටනන් ෆෝන් එක රූට් නොකරම ධනික අයියගෙ SETT Browser එක පාවිච්චි කරන්නත් පුලුවන්. අනික Android වලටනන් අම්බානට ඇප් තියෙන හින්ද වෙන ප්‍රශ්නත් නෑ. ඉතින් මේ සීන්කෝන් සේරම හින්ද මේ දවස් වල මන් Android එක්ක ආලයෙන් වෙලිල ඉන්නෙ :P